දිස්ත්‍රික්ක 11ක ඇතිවී තිබෙන තද සුළං හා තද වර්ෂා තත්ත්වය නිසා පවුල් 900කට අයත් පුද්ගලයෝ 3978 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව පවුල් 29කට අයත් පුද්ගලයන් 137 දෙනෙකු ආරක්ෂිත නිවාස 04ක රඳවා සිටින අතර, නිවාස 868කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 13කට හානි සිදුව තිබෙන අතර, වැඩිම නිවාස ප්‍රමාණයක් හානි වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහිය. එම දිස්ත්‍රික්කයේ නිවාස 221කට හානි සිදුව ඇත.
ගෙවීගිය දින තුනකට අධික කාලයක් තුළ ඇතිවූ තද සුළං හා වැසි නිසා මෙම ජනතාව පීඩාවට පත්ව ඇත.
එමෙන්ම, මේ දිනවල ඇතිවී තිබෙන තද සුළං හා ඇතැම් ප්‍ර‘දේශවලට ඇතිවී තිබෙන තද වැසි තත්ත්වය මේ මස 19 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
19 වැනිදායින් පසු තද සුළං තත්ත්වය හා තද වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවිය හැකි බවත්, එහෙත් සාමාන්‍ය වශයෙන් වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අද (17දා) දිනය තුළදීත් මධ්‍යම, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලටත්, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක් තරම් වූ තද වැසි ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව වයඹ පළාතේත්, කොළඹ, ගම්පහ, හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
වයඹ, උතුරුමැද, උතුරු නැගෙනහිර, බස්නාහිර පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...