දේශීය පුවත්

සිංගප්පූරුව සමග ඇතිකරපු නිදහස් වෙළද ගිවිසුම රටට මහා භයානක ජේම්ස් පැකර් ලංකාවට ඇවිත් කැසිනෝ පටන්අරං ලංකාවේ නංගිලා අක්කලා ගණිකාවන් වන තරම් වන්නේ සිංගප්පුරැ ගිවිසුම මහින්දලා අත්සන් කලානම් විතරයි.

එහෙමනම් ජවිපය වගේ පක්ෂ සිංගප්පුරැ රකුසා ලංකාව ගිල ගනී කියලා රට වටෙි සම්මන්ත්‍රණ තියනවා සහතිකයි. හොද වෙළාවට ආන්ඩුව ඒ ජවිපයට විපක්ෂයේ සංවිධායක කම දුන්නේ. ???.

එහෙමනම් සමන් රත්නප්‍රියලා අනිවාර්යයෙන් රජයේ වෛද්‍ය සංගමය එක්ක ඉන්න තිබුනා ජාතික වීරයන් වගේවර්ජන රැල්ලක් කරන්නත් තිබ්බා සිංගප්පුරැ ගිවිසුමට එරෙහිව. හොද වෙලාවට මලික් සමරවික්‍රමගේ මොලයෙන් සමන් රත්නප්‍රියලා ආන්ඩුවේ අතකොළු කරගත්තා .නැත්නම් ගහයි සිංගප්පුරැ ගිවිසුම් ?????.

ලංකාවේ පණත් වලින් තොරතුරැ දැන ගැනීමේ අයිතිය තහවුරැ කරපු වකවානුවක අත්තනගල්ල සංවර්ධන කමිටු රැස්වීමේදී අපේ වීරෝදාර චන්ද්‍රිකා බන්ඩාරනායක බැහැපියව් එලියට පන්නයෙන් ජනමාධ්‍ය ඉවත් කරන කොට හොද වෙලාවට යහපාලන ආන්ඩුවක් වුනේ. නැත්නම් ඕක මහින්දගේ කාලේ වගේ උනානම් එජාපයේ මන්ත්‍රීවරුන් ජීනිවා මානව හිමිකම් මංඩලයට යනවා ජනමාධ්‍ය අයිතිය වෙනුවෙන්. කොළඔ කොටුවේ උද්ගෝසන කීයක් තියෙයිද ඕක හෙලා දැකලා. දැන් චන්ද්‍රිකාට එහෙම කරන්න රෙද්දක් ඇදගෙන පුළුවන් කවුරැ හරි ඉන්නවද නෑනේ ?????.

ලංකාවටම කීර්තියක් වෙච්ච ඩිලන්ත මාලගමුවට මරණීය තර්ජන එජාපයේ හිටපු මන්ත්‍රී කෙනෙක් එල්ල කරලා කියලා ඩිලන්ත කියනකොට අද තිබ්බේ මහින්දගේ ආන්ඩුවනම් ඒකට අනිවාර්යයෙන් තාජුඩීන් වගේ ගෝඨාභයගේ මෝරැ ටැංකිය වගේ රසවත් කථාවක් ජවිපය වගේ පක්ෂ ලියනවා මහින්දගේ දරැවෝ රේස් පදින හිංදා මේක රාජපක්ෂලාගේ කන්ට්‍රැක් එකක් කියලාම.

සමහර විට ජවිපය එහෙනම් ඩිලන්ත මාලගමුව රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය වගේ එකක් ගොඩනගලා .පාර්ලිමේන්තුවේ ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කරලා. දැන් ඒවා සාමාන්‍ය සිදුවීමක් තරමට වැටෙන්නේ මරණීය තර්ජනය කරපු එකා රේස් පදින්නේ නඅති එකයි මහින්දගේ අන්ඩුවක් නොවන එකයි එජාපයට එරෙහිව යන්න බැරිකමයි මිසක් වෙන මොකුත් නිසා නෙවෙයි ?????.

අධීක්ෂණ මන්ත්‍රී වරැන්ට ලක්ෂ 2ක ගානේ හොද වෙලාවට එජාපයේ මන්ත්‍රීවරුන්ට ලැබිලා තියෙන්නේ ⁣ඕක බැරි වෙලාවත් මහින්දගේ කාලේ කරලා තිබ්බනම් ජාතික අරේථිකය වෙනුවෙන් ජවිපය වගේ පක්ෂ පොළවේ පස් කනවා. දැන් එහෙම කරන්න බෑ දෙයියෝ. පක්ෂ නියම අනියමට කොහොම ගත්තත් දුවන්නේ ජාතික ආන්ඩු සංකල්පයටනේ. ජාත්‍යන්තර උවමනාවට එයාලාට අවශ්‍ය නිළ අනේඩුවක් විපක්ෂයක් එක්ක යන ගමනක් තියෙන්නේ ඔය සුපිං වැඩ ගැන කථා කරන්න නිළ විපක්ෂයට වෙලාවකුත් නෑ. දුක විදගෙන රට හදන්න ආන්ඩුවකට වෙලාවකුත් නෑ ?????.

මහින්දගේ ආන්ඩුව නැති වුනා විතරයි එච්චර කලක් රටේ හෙන පොරවල් වෙච්ච අය බල්ලට වැටුනා . හරියට ඒකත් රනිල්ට බලය ලැබුනොත් බයික් එකෙන් තෙමි තෙමී ගිය එකාලා කාර් එකෙන් යන්න ලැබෙයි කියලා හිතලා තිබ්බ බයික් එකත් නැති කරගත්තා වගේ වෙච්ච ජන්ද දායකයා වගේමයි.????.

හා දැන් පෝලිමට ඇවිත් මහින්දට විමල්ට නාමල්ට ඒකාබද්ධයට බැනගෙන යන්න රිදිච්ච අය බලන්න .????.

……නුවන් මොණරවිළ ………



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More