දේශීය පුවත්

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අය`දුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී.

දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන ප‍්‍රමාණය 334 කි. එම ආයතන සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරු 2629 දෙනෙකු පසුගිය නිල කාලය සදහා තේරීපත් වී තිබුණි. ඒ අතරින් 2469 දෙනෙකු පමණ මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සිය අපේක්ෂක අය`දුම් පත් බාර දී ඇත. එම සංඛ්‍යාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන්ගෙන් 94% ඉක්මවූ ප‍්‍රතිශතයකි.

මේ අතර දුරබැහැර ප‍්‍රදේශවල සිට අයදුම් පත් යොමු කරන්නන්ගේ ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස අයදුම් පත් බාර ගන්නා අවසාන දිනය ඔක්තෝබර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේය. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 1316, නෙඵම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට (ලියාපදිංචි තැපෑලෙන්) යොමු කළ හැක. එම ලිපිනයෙහි පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් හෝ 0112866010 යන දුරකතන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

 

සංජීව එදිරිමාන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More