අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ පිරිසක් නීතීවිරෝධි ලෙස මැණික් ගැරීමේ නිරතව සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයෙන් සබරගමුවට පළාත් සභාවට තේරීපත්ව ඇති නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීවරයා ඇතුළු 15 දෙනෙකු අත්අංගුවට ගෙන ඇත.
මොවුන් වනජීවී නිලධාරීන්ගේද සහය ඇතිව නීතිවිරෝධි ලෙස මැණික් ගැරීමේ නිරතව සිටි ඇති බව එහිදී අනාවරණය වී තිබේ.
පතල් කැණීම සඳහා ගෙනවිත් තිබූ උපකරණ ප්‍රවාහනය කර තිබී ඇත්තේ නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීවරයාගේ කැබ් රථයෙන් බවද එහිදී අනාවරණය වී ඇත.
එහිදී වනජීවී නිලධාරීන්ගේද සහය ඇතිව නීතිවිරෝධි ලෙස මැණික් ගැරීමේ නිරතව සිටි සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙක් නීතීයේ රැහැනට හසුකරදීමට නියෝජ්‍ය අමාත්‍යවරයාට හැකි විය.
අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය අසල ප්‍රදේශයක කිසියම් පිරිසක් නිදන් හෑරීමේ නිරතව සිටින බවට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට පසුගිය 15 වනදා තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා අද අලුයම හිඟුරක්ගොඩ පොලිසීයේ නිළධාරීන් පිරිසක්ද කැටුව අංගමැඩිල්ල වනෝද්‍යානයට ඇතුළු වී තිබුණේ එහි රාජකාරීයේ නියුතු වනජීවී නිළධාරීන්ද දැනුවත් කිරීමෙන් තොරවයි.
එලෙස වනෝද්‍යානය පරීක්ෂා කිරීම සඳහා පිටත්ව ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමට වනය මැද කිසියම් පිරිසක් තාවකාලික කඳවුරු තනා නවාතැන් ගෙන සිටි අයුරු දක්නට ලැබුණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කඳවුර අසල නවතා තිබූ වාහනයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මැණික් පතල් කැණීම සඳහා යොදාගන්නා ගෑස් සිලින්ඩර් ඇතුළු උපකරණ කිහිපයක්ද හමුවූ අතර අදාළ පිරිසට වනෝද්‍යානය තුළට පිවිසීම සඳහා වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ සහය හිමිව ඇති බවටද මෙහිදී අණාවරණ විය.
කෙසේ වෙතත් පතල් කැණීමේ නිරතව සිටි පිරිස අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සබරගමුව පළාත් සභාවේ “නමින්ද අනුරප්‍රිය” මන්ත්‍රීවරයාද සිටි අතර පතල් කැණීම සඳහා ගෙනවිත් තිබූ උපකරණ ප්‍රවාහනය කර තිබුනේද අදාළ මන්ත්‍රීවරයාට අයත් කැබ් රථයකින් බවද අණාවරණය විය.
අනතුරුව පළාත් සභා මන්ත්‍රීවරයා, වනජීවී නිළධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පොළොන්නරුව පොලිසියේ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් හෙට(18) දිනයේදී පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...