දේශීය පුවත්

බස්නාහිර පළාත් සභාවට අට කෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් (රු. 81,250,000) මුදල් වැය කර පුටු 125ක් ගෙන්වීමට ඇති සූදානමක් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිදු කළ අනාවරණයෙන් පසුව එය තාවකාලිකව නතර කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

එක් පුටුවකට හයලක්ෂ පනස් දහස (රු. 650,000) බැගින් මෙම පුටු ගෙන්වීමට සූදානම් කර ඇති බවත් එය නැවැත්වීමට වහාම මැදිහත්වන ලෙසත් දන්වා ලක්ෂමන් නිපුණ ආරච්චි මහතා විසින් ඊයේ (10) ආණ්ඩුකාරවරයා ලිඛිතව දන්වා තිබූ අතර එම ලිපිය මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙලෙස අධික වියදමකින් පුටු ගෙන්වීමට සමාජජාල ඇතුළු මධ්‍යවලිනුත් ජනතාවගෙනුත් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ අනුව මෙම සුඛෝපභෝගී පුටු ගෙන්වීම සම්බන්ධයෙන් රට තුළ දැඩි ආණ්දෝලනයක් ඇති විය.

කෙසේනමුත් මේ වනවිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ නියෝගයක් මත එම පුටු ගෙන්වීම තාවකාලිකව නතර කර තිබෙන අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More