රට බෙදන ව්‍යවස්ථාවකට සහාය දෙන දේශද්‍රෝහීන් සියලුදෙනා රජ කාලයේ මෙන් උල තැබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරුල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. වසර තිහක ත්‍රස්තවාදය පරාජය කර බිහිකළ ඒකීය ශ්‍රී ලංකාව දේශද්‍රෝහීන්ට වුවමනා ආකාරයට බෙදන්නට ඉඩ තැබිය නොහැකි බව අවධාරණය කළ රණතුංග මහතා රට බෙදන ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ජනතාව සමඟ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සටන් වදින බවත් පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මහාධිකරණය හමුවේ දී අද (26)පෙනී සිටීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
මෙම ව්‍යවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුයැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහූ මෙහිදී රණතුංග මහතාගෙන් ප්‍රශ්න කළහ.
ඊට පිළිතුරු වශයෙන් රණතුංග මහතා මෙසේ පැවසීය. විමල් මන්ත්‍රිතුමා ඒ කතාව කිව්වේ රටටම හොරෙන් සම්මත කරගන්න යන මේ ව්‍යවස්ථාව ගැන රට තුළ සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන්ග ආණ්ඩුව මෙම ව්‍යවස්ථාව ගැන මොනවා කිව්වත් ඇත්තටම ආණ්ඩුව කරන්න යන්නේ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් රටම පාවාදීමක්,ආණ්ඩුව හදන්නේ කොළේ වහලා ගහන්න. විමල් මන්ත්‍රීතුමාට ඕනෑ වුණේ එක ජනතාව අතර සංවාදයකට ලක්කරන්නයි. අද එතුමාගේ අදහස ඉෂ්ඨ වෙලා තිබෙනවාග රට බෙදන ව්‍යවස්ථාව ගැන අලුත් කතාබහක් ඇති කරන්නට එතුමාගේ කතාව සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒකට සහාය දෙන ආණ්ඩුවේ කුක්කෝ රැල ඒ කතාවට කලබල වෙලා තිබෙන බවකුත් පේනවා.
මමත් කියන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න හදනල ඒකට සහයෝගය දෙන අයට දිය යුතු එකම දඬුවම තමයි උල තැබීම කියලාග මොකද එදා රජ කාලේ දේශද්‍රෝහීන්ට දීපු එකම දඬුවම උල තැබීමයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීලා රට බෙදන්න උල්පන්දම් දෙන හොරිකඩයන්ටත් උල තැබීම හැර වෙන දෙන්න දඬුවමක් නැහැ.
මම දැක්කා කමල් ගුණරත්න මහත්තයාගේ කතාවකුත් අල්ලගෙන ආණ්ඩුව ලොකූ මඩ ප්‍රචාරයක් ගෙනියනවා. එතුමා කිව්වෙත් රට බෙදන්න යන අයට කරන්න ඕනේ දෙයයි. මට තේරෙන්නේ නැහැ දයාසිරිලාට මංගලලාට එහෙම ඒකට ගොඩක් රිදිලා තියෙන්නේ ඇයි කියලා. සමහරවිට එතුමාලගේ හිත දන්නවා ඇති එයාලා මේ පෙනී ඉන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් වෙනුවෙන් කියලා. ඒ හින්දා හිත රිදුණද දන්නේ නැහැ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...