අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් එළිදක්වමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය 2018 වසරේ අගෝස්තු 30 වන දින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැමරීමට නියමිතය.
මෙදින ප‍්‍රධාන දේශනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩගම වන අතර, අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන් ද එදින රැස්වීම ඇමතීමට නියමිතය.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ විසඳුම් සෙවීමෙි අරගලයට වැදගත් ජයග‍්‍රහණයක් වූ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කිරීම සහ 2018 පෙබරවාරි මස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම තුලින් මෙම සැමරුම විශේෂත්වයක් ගනී.
එදින ප.ව.3.00 සිට ප. ව. 5.00 දක්වා කොළඹ 7, ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ,ආර්,ජයවර්ධන කේන්ද‍්‍රයේදී පවත්වන මෙම සැමරුම් උත්සවයට අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජයේ ක‍්‍රියාධරයන් සහභාගි වන අතර ත එහි තේමාව ‘අතුරුදහන් කිරීම්වලට ඉඩ නොතබමු’යන්නයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...