‘‘නවක වධයට බයෙන් 2015-2016 කාලයේ ලියාපදිංචි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1352 දෙනකු විශ්වවිද්‍යාලවලට ඇවිත් නැහැ. නවක වධය නිසා මේ වනවිට මියගිය ශිෂ්‍ය සංඛ්‍යාවත් 14 කි. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්…’’ යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා (17) වැනිදා පැවැසීය.
“දැන් මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් වෙනුවෙන් රජය රුපියල් ලක්‍ෂ 15 ක් වැය කරනවා. දැන් පේරාදෙණිය, රුහුණ විශ්වවිද්‍යාල තුළ කටයුතු අවුල් කරන්නෙත් මේ පාතාලය. පාතාලය කියන්නේ පෙරටුගාමී අය. දැන් නවකවධ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නත් අපි මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරලයි තියෙන්නේ. ඒකේ 0112-123700 කියන දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. දැනටමත් මේ කාර්යාලයට නවකවධය ට අදාළව පැමිණිලි 417 ක් ලැබිලයි තියෙන්නේ. නවකවදය නිසා පහර කෑමට ලක් වූ සිසුන් ගණනාවක් ඉන්නවා.
බත්තරමුල්ල, සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.
අද ඇත්තටම පාතාලය තියෙන්නේ විශ්වවිද්‍යාල ඇතුළේ. මරදානේ නොවෙයි. මේ පාතාල කල්ලි නිසා සමස්‌ත විශ්වවිද්‍යාල තුළ ඉන්න අනූඑක්‌දහස් හයසීයක් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවම දැඩි ලෙස පීඩාවට පත් වෙලා.
“2016-2017 කාලය තුළ නවකවධයට බයෙන් ශිෂ්‍ය – ශිෂ්‍යාවෝ 637 දෙනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇවිත් නැහැ.
මෙම අවස්‌ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද සහභාගී විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...