අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති
2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.2% ක් තරම් අඩු අගයක පැවතියදී එය 4.4%ක් ලෙස දැක්‌වීම සදහා දළ දේශිය නිෂ්පාදිතයේ අගය රුපියල් බිලියන 231 ක් වූ විශාල ගණනකින් වැඩිකොට, ප්‍රකාශ කරන ලද අතර 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා දළ දේශීය නිෂ්පාදිත වටිනාකම්වල කරන ලද වෙනස්‌කම් වසන් කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිත අවධමනකය අවභාවිත කරන ලද බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. වසර තුනක් තුළ 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය සහ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය පුළුල් ලෙස වෙනස්‌කම්වලට ලක්‌කොට ඇති අතර, 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය 7.4% සිට 4.5% සිට, 4.9% සිට, සිට 5.0% ලෙසින් වෙනස් කර, එක් වසරක් සඳහා දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතිකය හතර වරක් වෙනස් කරමින්, මේ රජය විසින් ලෝක වාර්තාවක් තබා ඇති බවද ඔහු කියයි. මේ ආර්ථික වර්ධන වංචාව හෙළිදරව් කරමින් තවත් කරුණු රැසක් ප්‍රකාශ කරන හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ අනාගත රජයක් යටතේ මෙකී චෝදනා විමර්ශනය කොට, වැරැදිකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් “දිවයින” ඇසූ ප්‍රශ්න සහ ඒවාට හිටපු මහ බැංකු අධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය – මේ ආණ්‌ඩුව ආර්ථික වර්ධන අගය වැඩි කොට පෙන්වන ලද බව ඔබ කීප අවස්‌ථාවකදීම ප්‍රකාශ කර තිබුණා. නාමික දළ දේශීය නිෂ්පාදිතය Ñපුම්බා දැක්‌වීම මගින් එය කරන බවටත් ඔබ චෝදනා කර තිබුණා. ඔබ හිටපු මහ බැංකු අධිපතිවරයෙක් නිසා මේ චෝදනාව අති ප්‍රබලයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න?
පිළිතුර – 2016 වර්ෂයේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, බළධාරීන් කිසිදු ලැඡ්ජා භයකින් තොරව Ñපුම්බා දැක්‌වීම සහ ස්‌වකීය වාසියට හසුරුවා ගත් ආකාරය 2017 වර්ෂයේ මැයි මස, මම පෙන්වා දුන්නා. එමෙන්ම, 2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සියයට 2.2 ක් තරම් අඩු අගයක පැවතිය දී එය සියයට 4.4 ක් ලෙස දැක්‌වූයේ කෙසේද යන්නත් මම පෙන්වා දුන්නා . මම ඒ බව පෙන්වා දුන්නේ 2016 වර්ෂය සඳහා වූ දළ දේශීය නිෂ්පාදිත අගයන් නිවේදනය කිරීමෙන් සති කිහිපයකට පසුවයි. එම කරුණු සියල්ලම ප්‍රමුඛ පෙළේ පුවත්පත් කිහිපයකම Ñරුපියල් බිලියන 231 ක මහා වර්ධන වංචාව යන ශීර්ෂ පාඨය යටතේ පළ වුණා. ඒ අනුව, නාමික සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය සැක සහිත ලෙස වෙනස් කරමින්, 2016 වර්ෂයේ මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය 2.2%ක සිට 4.4%ක් දක්‌වා වැඩි කිරීම සඳහා වසර කිහිපයක නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ දළ දේශීය නිෂ්පාදිත අවධමනකයට ඇතැම් සැක සහිත සහ අවස්‌ථානෝචිත ගැළපීම් සිදු කරන ලද ආකාරයද මම විස්‌තර සහිතව පෙන්වා දුන්නා.
එසේම 2014, 2015 සහ 2016 වර්ෂවල වර්ධන අනුපාතයන් ගැළපීම සඳහා දළ දේශීය නිෂ්පාදිත අවධමනකය අවභාවිත කර තිබෙනවා. තවද, එම නිර්මාණාත්මක ගැළපීම් මගින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා.
ප්‍රශ්නය – මෙය බරපතළ චෝදනාවක් වුණත් එතරම් මහජන අවධානයට ලක් වූ බවක් පෙණුනේ නැහැ නේද?
පිළිතුර – මාගේ චෝදනාවට ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ බලධාරීන්ගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නෑ. ඔවුන් උපායශීලීව මෙකී ගැටලුව සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයකට එළඹීම මඟහැරියා. විරුද්ධ පක්‌ෂය පවා මෙකී වංචාව මතුකර දැක්‌වීමට උත්සාහයක් ගත්තේ නෑ. ඇතැම්විට ඔවුන් මෙකී අත්‍යවශ්‍ය කාරණාවේ මූලෝපායික වැදගත්කම අවබෝධ කර නොගත්තා විය හැකිය. නැතහොත් එකී කාල වකවානුවේ බැඳුම්කර වංචාව හෙළිදරව් කිරීමට වැඩි වැදගත්කමක් දුන්නා වෙන්න පුළුවන්. හේතුව කුමක් වුවද, 2017 වර්ෂය තෙක් සැක සංකාවෙන් තොරව මහජනයා සහ ආයෝජකයන් මත පැටවූ Ñවර්ධන වංචාව, අවශ්‍ය තරමේ මහජන අවධානයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වුණේ නැති එක ඇත්ත. මෙම තත්ත්වය නිසා, මෙම සංවිධානාත්මක Ñවර්ධන වංචාවේ මහ මොළකරුවන්ට ඔවුන්ගේ ප්‍රයෝගයෙන් සාර්ථකව ගැලවී යා හැකි බවට විශ්වාසයක් හටගන්නට ඇති. ඒ නිසා, එය නැවත නැවත සිදු කළ හැකි බවටත් ඔවුනට ඒත්තු ගැන්වෙන්නටද ඇති. ඇතැම්විට, මේ වසරේදී (2018) ද බළධාරීන් ඔවුන්ගේ දත්ත වංචා සහගත හැසිරවීමේ කාර්යයට පෙළඹුණේa ඒ නිසා වෙන්න පුළුවන්.
ප්‍රශ්නය – ඔබ කියා තිබුණේ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය වෙනස් කිරීම මගින් මේ වර්ධන වංචාව කර තිබුණු බවයි. එය කරන්නේ කෙසේද?
පිළිතුර – මෙහිදී මුලින්ම දළ දේශීය නිෂ්පාදිත අවධමනකය කුමක්‌ද යන්න පැහැදිලි කරගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිත අවධමනකය යනු නාමික දළ දේශීය නිෂ්පාදිතය මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට පරිවර්තනය කරනා සාධකය වන උද්ධමනය මනින ආර්ථික මිනුම් දණ්‌ඩක් ලෙස හැඳින්විය හැකියි. සාර්ව ආර්ථික විශ්ලේෂණයේ දී දළ දේශීය නිෂ්පාදිත අවධමනකය ඉතාමත් වැදගත් මිනුම් දණ්‌ඩක් වනුයේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ උද්ධමනය අන්තර්ගත වුවත් මූර්ත දළ දේශීය නිශ්පාදිතයේ උද්ධමනය අන්තර්ගත නොවන නිසයි. දළ දේශීය නිෂ්පාදිත අවධමනකය නාමික දළ දේශීය නිෂ්පාදිතය මූර්ත දළ දේශීය නිෂ්පාදනයට පරිවර්තනය කරන බැවින්, එය නිරන්තරයෙන් මිල උද්ධමනයට සාපේක්‌ෂව නිරවද්‍ය මිනුමක් ලෙස සැලකෙනවා. එසේම දළ දේශීය නිෂ්පාදිත අවධමනකය යනු (උද්ධමන අගයන් මෙන්ම) දැඩි සැලකිල්ලකින්, නොවෙනස්‌ව සහ නිපුණතාවකින් ගණනය කළ යුතු ආර්ථික මිණුම් දණ්‌ඩක් වන අතර, නොසැලකිල්ලෙන් කටයුතු කරන කිසිවකුගේ ඕනෑ එපාකම් අනුව හෝ ආර්ථික දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කළ හැකි මිම්මක් නෙවෙයි.
එහෙත් පසුගිය වසර තුන තුළ, යහපාලන ආණ්‌ඩුව යටතේ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය පුළුල්ව උච්චාවචනයට ලක්‌වන සාර්ව ආර්ථික මූලධර්මයක් බවට පත්වී වෙලා තිබෙනවා. ඒ අනුව 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා වන දළ දේශීය නිෂ්පාදිත වර්ධන අගයන් වෙනස් කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිත අවධනමකය සහ නාමික දළ දේශීය නිෂ්පාදිත අගයන් හිතුමතේ යම් කෙනකුගේ අභිමතයට හසුරුවා ඇති බව පැහැදිලි වෙනවා. දළ දේශීය නිෂ්පාදිත අවධමනකයේ වටිනාකම කඩිමුඩියේ අත්තනෝමතිකව Ñගැළපූ මෙකී බලධාරීන් කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ අගයන් වෙනස්‌කමකින් තොරව පවත්වා ගෙන ගොස් තිබෙනවා. ඔවුන් එසේ කර ඇත්තේ, වඩාත් හුරුපුරුදු Ñඋද්ධමන අනුපාතිකයන්ට කුමන හෝ වෙනසක් කළොත් ඔවුන්ගේ වංචාව ගැන නොපමාව හැමෝගෙම අවධානය යොමුවන නිසා බවට ඔවුන් අනුමාන කරන්නට ඇති.
ප්‍රශ්නය – ඔබ කියන්නේ මේ ඉලක්‌කම් වෙනස දේශපාලන වුවමනාවක් මත කරන දෙයක් බවද?
පිළිතුර – ඒ සඳහා පසුබිමක් පෙනෙනවා. ක්‍රියාවට නංවා ඇති මෙකී වංචාවේ ප්‍රමාණය හා විශාලත්වය සළකා බලන විට දළ දේශීය නිෂ්පාදිතය සහ අනිකුත් සංඛ්‍යා ගෞරවනීය මට්‌ටමකින් නොවන වග දැනසිටි ආණ්‌ඩුවේ ඉහළ පෙළේ නායකයන්ගේද ආශිර්වාදය දළ දේශීය නිෂ්පාදිත අගයන් විකෘති කිරීමේ ප්‍රයත්නය සඳහා ලැබෙන්නට ඇතැයි අපට සිතන්නට පුළුවන්.
මෙහිදී පැහැදිලි වන ආකාරයටම, දත්ත සම්පාදකයන් සහ විශ්ලේෂකයන් පමණක් වන තාක්‌ෂණික නිලධාරීන් නොව දේශපාලනික වාසි ලබාගැනීමට ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමේ අරමුණ ඇති, ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ගේ වුවමනාව මෙය කිරීමට ප්‍රමුඛ වන්නට ඇතැයි අපට හිතන්න පුළුවන්.
දේශපාලන අධිකාරියේ මෙකී ඉහළ මට්‌ටමේ මැදිහත්වීම බොහෝ සෙයින් සිදු විය හැක්‌කක් ලෙස පෙනී යනවා. එනම් එක්‌තරා ආණ්‌ඩු පක්‌ෂ දේශපාලනඥයෙකු ඉතාමත් කැමැත්තකින්, නැවත පදනම් වූ අගයන් Ñනිවේදනය කිරිම තමා විසින්ම සිදු කරමින් එමගින් තමාට සහ තම දේශපාලන පක්‌ෂයට දේශපාලන පැසසුම් එක්‌කර ගනිමින් කටයුතු කළ ආකාරය මේ වන විට මුළු රටම දැක ඇති දෙයක්. එසේ නම්, බොහෝ විට මෙම වංචාව ක්‍රියාවට නඟා ඇත්තේ දේශපාලන මහ මොළකරුවකු හෝ දෙදෙනකු සහ ආර්ථික දත්ත ඒකරාශී කිරීම විශ්ලේෂණය සහ බෙදා හැරීම සඳහා වගකියන ආයතනයන්හී ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනකුගෙන් සැදුම්ලත් Ñවර්ධන වංචා කණ්‌ඩායමක් මගින් යයි අපට සිතිය හැකිය.
මේ කියූ වර්ධන වංචාකරුවන්ගේ කණ්‌ඩායම, අප කලින් විස්‌තර කළ ආකාරයට වර්ධන වංචාව ආරම්භ කර ඇත්තේ 2015 ජූලි මස දළ දේශීය නිෂ්පාදනය සඳහා නව පදනම් කාලයක් ලබාදීමත් සමග බව පෙනෙනවා. ඉන්පසුව එළැඹි වර්ෂවල, දළ දේශීය නිෂ්පාදිත වර්ධන අගයන් අඛණ්‌ඩව ගැළපීම සඳහා වංචා මාලාවක් ඔවුන් කර ඇත්තේ නාමික දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යා සහ දළ දේශීය නිෂ්පාදිත අවධමනකයට අත්තනෝමතික ගැළපීම් සිදු කරමින් බව කියන්න පුළුවන්. මේ අනුව 2014 වර්ෂයට අදාළ නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සහ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය වසර තුනක් තුළ සිව් වතාවක් පුළුල් ආන්තිකයන්ගෙන් වෙනස් වී තිබෙනවා. එනම් 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය මුලින්ම 2014 මහා බැංකු වාර්ෂික වාර්තාවෙන් 5 ක් ලෙසත්, දෙවනුව 2015 ජූලි මාසයේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ නැවත පදනම් කළ අගයන් අනුව 2.8 ක් ලෙසත්, තෙවනුව 2015 මහා බැංකු වාර්ෂික වාර්තාවේ 3.9 ක් ලෙස සහ 2016 මහ බැංකු වාර්ෂික වාර්තාවේ 2.9 ක් ලෙසත් දක්‌වා තිබෙනවා.
2014 වර්ෂය සඳහා නාමික දළ දේශීය නිෂ්පාදිත වැඩිවීම රුපියල් බිලියන 1,111 ක් ලෙස ප්‍රථම වරට වාර්තා වූයේ 2015 අප්‍රේල් මාසයේ දීය. මාස තුනකට පසු 2015 ජූලි මස නව පදනම් කාලයක් ලබාදීමේ ක්‍රමවේදය භාවිත කරමින්, 2014 වර්ෂය සඳහා වූ නාමික දළ දේශීය නිෂ්පාදිතය සංශෝධනය කරමින් අතිවිශාල ලෙස සියයට 37 කින් පහත දැමූයේ වැඩිවීම රුපියල් බිලියන 700 ක් බව පෙන්වා දෙමින්. මෙම නව අගයන් නිවේදනය කරනු ලැබූයේ ආණ්‌ඩු පක්‌ෂ අමාත්‍ය හර්ෂ සිල්වා මහතායි. ඔහු ඉන් දේශපාලන ඉතිහාසය අලුතින් ලියෑවූයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අගයන් නිවේදනය කළ ප්‍රථම දේශපාලනඥයා ලෙසින්. මෙසේ ඇදහිය නොහැකි ලෙස ඉතිහාසය නැවත ලියවන අතරතුර සිල්වා මහතා ප්‍රකාශ කළේ 2014 වර්ෂය සඳහා වූ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම මෙයට පෙර රුපියල් බිලියන 411 ක අගයකින් Ñවැඩිකර දක්‌වා තිබූ බවත් දැන් එය නිවැරැදි කර ඇති බවත්ය. එහෙත් මාස 9 කට පසු, බලධාරීන් 2010 අප්‍රේල් මස 2014 වර්ෂය සඳහා වන නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය තවත් සියයට 22 කින් ඉහළ දැමූ අතර ඒ වනවිට වර්ධනය රුපියල් බිලියන 856 ක් බව ප්‍රකාශ කළා. තවත් මාස
12 කට පසු එනම් 2017 අප්‍රේල් මස බලධාරීන් එය නැවත වරක් සංශෝධනය කළේ 2014 වර්ෂයේ නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය මෙයට පූර්වයෙන් සඳහන් අගයට වඩා 10% කින් අඩු බවත්, එය රුපියල් බිලියන 769 ක් පමණක් බවත් ප්‍රකාශ කරමින් බවත් කිව යුතුයි.
අමාත්‍ය හර්ෂ සිල්වා එවකට ප්‍රකාශ කළේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් සහ මහ බැංකුවෙන් ඊට මාස තුනකට පෙර වාර්තා කළ පරිදි 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සියයට 7.4 ක් නොව, 4.5 ක් පමණක් බවයි. සිල්වා මහතා පුද්ගලිකවම නැවත පදනම් කළ අගයන් නිවේදනය කිරීමෙන් දළ දේශීය නිෂ්පාදිත වර්ධන සංශෝධන කාර්යය පසුපස වූ දේශපාලන හස්‌තය ඔහු නොදැනුවත්වම පැහැදිලි වෙනවා. ඔහුගේ අවාසනාවට පසුගිය පාලන සමයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය අගයන් පහළ දැමීමෙන් ඔහු උපයා ගත්තා යෑයි සිතූ දේශපාලන ලකුණු සඳහා වැඩි ආයුෂ තිබුණේ නැහැ.
ප්‍රශ්නය – ඔබ එහෙම කියන්නේ ඇයි?
පිළිතුර – 2016 අප්‍රේල් වන විට යහපාලන ආණ්‌ඩුවේ පළමු වසර ආර්ථික ව්‍යසනයක්‌ද, 2015 Ñවර්ධනය ඉතා මන්දගාමී අගයක්‌ද ගත්තා. මෙම තත්ත්වය අවබෝධ වීම හරහා මන්දගාමී වූ ආර්ථික වර්ධනයේ සැබෑ ස්‌වභාවය පොදු ජනයාගෙන් වසන් කිරීමට යහපාලන ආණ්‌ඩුවට පියවර කිහිපයක් ගැනීමට සිදු විය. මේ අතරතුර, බලධාරීන් ඔවුන්ගේ ප්‍රයෝගකාරී ක්‍රියාවන් පවත්වාගෙන යැම සදහා 2015 ජූලි වූ Ñනව පදනම් කාලය හරහා ලබා දී තිබූ 2014 මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය යම්තාක් ස්‌ථාවර සියයට 5 කට ආසන්න අගයක පවත්වා ගෙන යැමට, 2016 අප්‍රේල් දළ දේශීය නිෂ්පාදිත අවධමනකය සියයට 3.9 කටත්, 2017 අප්‍රේල් සියයට 2.9 කටත් සංශෝධනය කර ඇති බව පෙනෙනවා.
ලංකා සංවර්ධන බැඳුම්කර ආදියෙහි රුපියල් සහ ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරන ආයෝජකයන් සිය ගණනක්, ඔවුන්ගේ ආයෝජන තීරණ ගැනීමේදී, බලධාරීන් විසින් නිකුත් කරන ලද අගයන් මගින් මඟ පෙන්වනු ලැබීම හේතුවෙන්, බහුපාර්ශවීය ආයතන සහ ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන, මෙම නව තත්ත්වයට ප්‍රතිචාර දැක්‌වීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.
දැනටමත්, බැඳුම්කර මගඩිය සහ එය වසන් කිරීමට දැරූ ඉහළ අංශවල උත්සාහය හරහා, ආර්ථිකයේ විශ්වාසනීයභාවයට අති විශාල හානියක් සිදුව තිබෙනවා. එසේම මේ තත්ත්වය නැවැත්වීමට විශ්වසනීය පියවර නොගන්නේ නම්, දැනට හෙළි වෙමින් පවතින වර්¨ධන මගඩිය මගින්ද, අලුතෙන් සිදුවනු ඇති හානිය තුළින් නිසැකවම අප ආර්ථිකයට මරු පහරක් වැදීම අනිවාර්යය දෙයක්. මෙම දූෂිත ආණ්‌ඩුවට Ñසත්‍යය තිත්ත බෙහෙතක් වුවද, මෙම වංචාව වහාම නවතා දමා, නිවැරැදි හා විශ්වාස කළ හැකි අගයන් නැවත ප්‍රකාශයට පත්කර දත්ත පූර්ණත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින් පමණක් මෙහි දීර්ඝකාලීන හානි අවම කරගත හැකිය යන්න කීමට පවා අනවශ්‍ය දෙයක්.
ප්‍රශ්නය – මේ ඉලක්‌කම් වෙනස් කිරීම ගැන තවමත් රජයේ විගණකාධිපතිවරයා මුකුත් ප්‍රකාශ කර නැහැ?
පිළිතුර – මේ ගැන විපරම් කොට, පුළුල් විමර්ශනයක් පැවැත්වීමට විගණකාධිපතිවරයාට පුළුවන්. රජයේ ආර්ථික සහ ගිණුම් ප්‍රකාශන සම්බන්ධව සිය සෘජු අදහස් සහ අර්ථකථනයන් එඩිතර ලෙස වාර්තා කරමින් වර්තමාන විගණකාධිපතිවරයා වන ගාමිණී විඡේසිංහ මහතා ප්‍රශංසනීය වූ වගකීම් සහගත බවක්, විනිවිද භාවයක් හා ස්‌වාධීන බවක් පෙන්වා තිබෙනවා. රාජ්‍ය ණයෙහි සැබෑ තත්ත්වයත්, එයට අනුරූපව ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයත් පැහැදිලි කරමින්, 2017 දෙසැම්බර් 31 වන විට රටේ ණය තත්ත්වයත් සම්බන්ධව ඔහු මෑතකදී පළකළ අදහස සැබැවින්ම ප්‍රශංසනීයයි. මෙම පසුබිම යටතේ, විගණකාධිපතිවරයා විසින් මෙම වංචාවේ විශාලත්වය සහ ප්‍රමාණය මැන ගැනීමත්, රටට හෙළිදරව් කිරීමටත් මෙම Ñදළ දේශීය නිෂ්පාදිත වර්ධන වංචාව පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකියි.
රජයේ ආයතන සහ බලධාරීන් විසින් ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලීන් සහ පද්ධතීන් නැවත පරීක්‌ෂා කිරීමට සහ සිතාමතා සහ/හෝ නොසැලකිලිමත් ලෙස සහ/හෝ රටේ දත්ත වෙත දේශපාලනිකව පොළඹවන ලද අතපෙවීම් කිසිවක් ඇත්දැයි සොයා බැලීමට විගණකාධිපතිවරයා හට අයිතියක් සහ වගකීමක් තියෙනවා. එසේ කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයා හට, එවන් ක්‍රියාවන් වසන් කිරීම සඳහා වගකිවයුත්තන් නම් කරන්නටද ඔහුට හැකියාව තියෙනවා. විගණකාධිපතිවරයා එවන් විමර්ශනයක් ආරම්භ කරන්නේ නම්, එම විමර්ශන ක්‍රියාවලිය තුළින්ම රටේ දත්තවල පූර්ණත්වය ප්‍රතිෂ්ඨාපනය වනු ඇති. එම නිසා, මුළුමහත් ආර්ථිකය සහ රට වෙනුවෙන් ඔහු එසේ කරනු ඇතැයි අපගේ අපේක්‌ෂාවයි.
ඉලක්‌කම්වල මේ නිර්මාණශීලී ගැළපීම් නිසා
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම දැන් විහිළුවක් බවට පත්කර ඇති අතර එහි යටි අරමුණ අගයන් සහ ඉලක්‌කම් Ñනිෂ්පාදනය කිරීම ලෙස පෙනෙනවා. ඒ අතර, එය දේශපාලකයන්ගේ අපේක්‌ෂාවන්ට අනුව මිස අනුකූලතාව, නීත්‍යානුකූලභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ශුද්ධ වූ නියමයන් මත පදනම්ව සිදු නොවන්නක් බවද පැහැදිළියි. විශේෂයෙන්ම මෙම අගයන් මත පදනම්ව රුපියල් බිලියන ගණනින් යුතු අතිශය වැදගත් ආයෝජන තීරණ ගන්නා වූ රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස්‌වල ආයෝජනය කරන දේශීය හා විදේශීය ආයෝජකයන් ඇතුළු සියලු පාර්ශවකරුවන් හට මෙම හිතුවක්‌කාර සහ පක්‌ෂග්‍රාහී ආකල්පය බරපතළ කණස්‌සල්ලට හේතුවක් වන බවත් පැහැදිලියි. ඒ අනුව මෙම තත්ත්වය දිගටම පවතින්නේ නම්, බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරන තොරතුරු සහ සංඛ්‍යා ලේඛනයන්හි නිවැරැදිභාවය මත තවදුරටත් විශ්වාසය තැබීමට ශ්‍රී ලාංකීය ආර්ථිකයේ පාර්ශවකරුවන්ට නොහැකි වනු ඇති බව කිව යුතුයි. එසේම මෙම ප්‍රධාන අගයන් හා සම්බන්ධ වංචාසහගත හැසිරවීම් පරීක්‌ෂා කිරීමේදී ඉතා කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ, අප රටෙහි මෙන් ආර්ථික දත්ත මෙලෙස සිතා මතා, මෙතරම් විශාලත්වයකින් සහ කිසිදු පැකිලීමකින් තොරව වෙනස් කිරීම් ශිෂ්ට ලෝකයේ කිසිදු රටක සිදුවී ඇතැයි සිතන්නටවත් අපහසු බවයි.
ප්‍රශ්නය – ඔබ පවසන මේ ආර්ථික වර්ධන අගයන් වෙනස් කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව ගත හැකි පියවර කුමක්‌ද?
පිළිතුර – අනාගත රජයක්, මෙම චෝදනා විමර්ශනයට ලක් කොට වැරැදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. හිතුවක්‌කාර ලෙස, සිදු කරගෙන යන ඉහත සඳහන් සැක සහිත කටයුතු සිදුවී ඇති අවස්‌ථා පිළිබඳව විමර්ශන පවත්වා, එහි සම්පූර්ණ සත්‍ය අවබෝධ කර ගැනීමට අනාගත රජයක් විසින් දැඩිව වෙහෙස විය යුතුය. මහත් කැපවීමෙන් කටයුතු කොට ඇති රාජ්‍ය නිලධාරීන් විසින් දශක ගණනාවක් පුරා ඉවසීමෙන් සහ මහත් වෙහෙසවීමකින් ගොඩනඟන ලද ශ්‍රී ලංකාවේ දත්ත පූර්ණත්වයට අති විශාල අපකීර්තියක් සහ අගෞරවයක් ගෙන ඇති මෙම සැක සහගත, හානිදායක සහ රැවටිලි සහගත ක්‍රියාවන් පිටුපස සිටින්නන් කවුදැයි හඳුනාගත හැක්‌කේ එසේ කිරීම මගින් පමණයි. එය ඉටු කෙරුණහොත් පමණක්, ශ්‍රී ලංකාවේ ආර්ථික දත්තවල පූර්ණත්වය සහ විශ්වසනීයත්වය නැවත ඇති කළ හැකි වෙනවා. අනාගත රජයක් විසින් එවන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ඉහළම ප්‍රමුඛතාවක් ලබාදී මේ අක්‍රමිකතා පිටුපස සිටින්නන් නීතිය ඉදිරියට ගෙන ඒමද අත්‍යවශ්‍ය වෙනවා.
සංවාදය – ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...