දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මතවීම හෝ නොවීම මත තීරණය වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුවේ වැඩි බලයක් හිමි වී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද? 24 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තුවේදී දැකගත හැකි වන බවත් ඒ දෙස උපේක්ෂා සහගතව බලා සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ආණ්ඩුවේම අමාත්‍යවරයකු ගෙන එනු ලබන යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුවේම පක්ෂ කිහිපයක් මේ වනවිට සූදානමින් සිටීන බවත් මේ හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය උග්‍ර වී තිබීම හොඳින්ම පෙන්නුම් කෙරෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන මෙම සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මත වුවහොත්, පළාත් සභා හයක මැතිවරණය ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට හැකිවන අතර, සම්මත නොවුණහොත් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
මේ අතර පළාත් සභා මැතිවරණ පනත පසුගිය වසරේ සම්මත කර ඇති බැවින්, නැවත පරණ ඡන්ද ක්‍රමය ගැන කතා කිරීමේ හැකියාවක් නැති බවත් නැවත පරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නම්, පසුගිය සැප්තැම්බරයේ සම්මත කළ පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අහෝසි කළ යුතුව ඇති බවටද දේශපාලන විචාරකයෝ මත පළ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...