මුලතිව් ධීවර බෝට්‌ටු ගිනි තැබීම අබිරහසක්
සෙයිද් රාද් හුසේන් මානව හිමිකම් කවුන්සිලයෙන් තනිවම නික්‌ම යයි
හමුදාවට ඩයස්‌පෝරාව ගැන දේශන දෙන්නේ කවුද?
පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බවට හඬ නැඟුවේ තමිල්නාඩුවේ මැයි 17 සංවිධානයේ ප්‍රධානියාවූ තිරුමුරුගන් ගාන්ධියි. ඔහු කොටි ඩයස්‌පෝරාවේ තමිල්නාඩු ක්‍රියාකාරියා වේ. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළ තිරුමුරුගන් ගාන්ධි ඉන්දීය රජයටද චෝදනා නගමින් තුත්තුකුඩියේදී ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කර ඇති බව කියා සිටියේය.
එහෙත් ගාන්ධිට වැරදුණේය. ස්‌විස්‌ටර්ලන්තයේ ඉන්දීය තානාපති බලධාරීන් තිරුමුරුගන් ගාන්ධි ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ නැටූ නාඩගම නිරතුරුවම විමර්ශනයේ යෙදුණි. මේ ඊළාම්වාදියා ස්‌විස්‌ටර්ලන්තය ඇතුළු යුරෝපා රටවලට සංචාරයේ යෙදෙමින් ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ චෝදනා නැඟීමට ක්‍රියාකළේය.
ඒ බෙදුම්වාදියා කවුරුන්දැයි ඉන්දීය බලධාරීන් සොයාගෙන තිබුණි. තිරුමුරුගන් ගාන්ධි පසුබිමේ සිට ක්‍රියාත්මක වූයේ ඒ ප්‍රංශයේ සිට භාරතී – ලාටර්නර් ඇතුළු සංවිධාන හතරක් මෙහෙයවන ඇන්තනි මරියදාස් හෙවත් බොස්‌කෝයි. බොස්‌කෝ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පවත්වන කොටි ඩයස්‌පෝරාවේ සමාන්තර රැස්‌වීම් සියල්ල මෙහෙයවනු ලැබීය.
මොහු ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාවද මානව හිමිකම් උල්ලංඝනය කරන බව මානව හිමිකම් බලධාරීන්ට පෙන්නුම් කිරීමට බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන් සහ තමිල්නාඩුවේ තිරුමුරුගන් ගාන්ධිගේ සහය ලබාගත්තේය.
එහිදී ස්‌විස් ඉන්දීය තානාපති කාර්යාලයට සම්බන්ධ බුද්ධි අංශද තිරුමුරුගන් ගාන්ධි සබඳකම් පවත්වන්නේ කවුරුත් සමඟදැයි අවධානය යොමු කෙරුණි.
මෙහිදී සනාථ වූයේ ඉන්දු කාශ්මීර් බෙදුම්වාදීන් සමඟ ගාන්ධි සබඳකම් පවත්වන බවයි.
මෙතෙක් තමිල්නාඩුවේ තුත්තුකුඩියේ තඹ කම්හලට එරෙහි ජනතා විරෝධයට පොලිසිය වෙඩිතැබීමේ සිද්ධිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමුවී නොතිබුණි.
එය ජිනීවා ගෙන ගියේ තිරුමුරුගන් ගාන්ධිය.
ගාන්ධි ඉන්පසු ජර්මනියේ බ්‍රිමන් නගරයේ සිට ක්‍රියාත්මක වන ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්‌ස් සංවිධානය වෙතද තූත්තුකුඩි සිද්ධිය යොමුකළේය.
මේ සංවිධානය මෙහෙය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ඊළම්වාදියකු වූ විරාඡ් මෙන්ඩිස් නමැත්තායි. ඔහු තූත්තුකුඩි පොලිස් වෙඩි තැබීම සමූල ඝාතනයක් බව කීවේය.
එහෙත් තිරුමුරුගන් ගාන්ධි ඉන්දියාවට එනතුරු රජය බලාසිටියේය. තමිල්නාඩුවේ චෙන්නායි ගුවන්තොටුපළට නොපැමිණි ගාන්ධි බැංගලෝරය වෙත පැමිණීමේදී ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනුණි.
එහෙත් අධිකරණය විසින් ඔහුව නිදහස් කර ඇත. එසේ වූවන් රජයට එරෙහිව කැරලිගැසීම සඳහා ජනතාව පෙළඹවීමේ චෝදනාව මත තමිල්නාඩු පොලිසිය ඔහුට එරෙහිව පැමිණිල්ලක් අධිකරණ වෙත ඉදිරිපත් කර තිබුණි. මේ බව ගාන්ධි දැනසිටියේ නැත.
මේ පැමිණිල්ල මුල්වූයේ තිරුමුරුගන් ගාන්ධි ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉන්දියාවට එරෙහිව හඬ නැඟීමයි.
එසේම ස්‌විස්‌ටර්ලන්තයේ සුරිච් නගරයේදී ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තිරුමුරුගන් ගාන්ධි ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාවට එරෙහිව සමූල ඝාතන ක්‍රියාදාමයක් දියත් කළ බව සඳහන් කළේ ඊට ඉන්දියාව උදව් කළ බවද පවසමිනි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට ගාන්ධි කළ ප්‍රකාශය ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් අනුමත කරනු ලැබීය.
මේ අතර තමිල්නාඩුවේ ද්‍රවිඩ මාධ්‍ය පැවසුවේ තිරුමුරුගන් ගාන්ධි අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍යෙද්‍රdaහිත්වය මත බවයි.
එහෙත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්, එස්. ශ්‍රීධරන්, එච්. කේ. සිවාජිලිංගම්, ආනන්ද සසිතරන් මෙන්ම මුලතිව්හි අතුරුදන්වූවන්ගේ මවුවරු යෑයි හඳුන්වාගත් කාන්තාවන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට නොව ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශසහගත චෝදනා එල්ල කර ආපසු කටුනායකට පැමිණියත් ඔවුන්ට එරෙහි කිසිදු පියවරක් ගැනීමට රජය ක්‍රියාකළේ නැත.
තිරුමුරුගන් ගාන්ධිගේ මෙම මැයි 17 සංවිධානය බිහිවූයේ 2009 මැයි 19 දා කොටි සංවිධානය පරාජය වීමත් සමඟය.
ගාන්ධි ඉන්දීය රජයේ නියෝග මත අත්අඩංගුවට ගත් බව වාර්තා වූ විගස ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිරුමුරුගන් ගාන්ධි නිදහස් කරන ලෙස ඉල්ලා ඇත.
මෙලෙස ජිනීවා ගොස් ඉන්දීය රජයට විරුද්ධව චෝදනා නගන ගාන්ධි ප්‍රංශ කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සොලිඩරටි ඉන්ටර්නැෂනල් අප්‍රිකා භාරතී සෙන්ටර් කල්චරල් ප්‍රැන්කෝ මාටිල් – ස්‌ටුවන්ට්‌ස් ටැමිල්ස් ප්‍රාන්ස්, ස්‌විස් ඊළම් කවුන්සල් සහ සාන්රොප් හියුමන් රයිට්‌ස් නමැති සංවිධාන සමඟ එක්‌ව ක්‍රියාකරන බව ස්‌විස්‌ටර්ලන්තයේ ඉන්දීය තානාපති අංශ විසින් සොයා ගනු ලැබීය.
එසේම තිරුමුරුගන් ගාන්ධි ඉතා බරපතල ප්‍රකාශයක්‌ද කර තිබුණි. ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුමට සමාගම තමිල්නාඩුව තුළද යුද්ධයක් ඇතිවන බව ඔහු තවදුරටත් දක්‌වා තිබුණි.
මේ නිසා ඉන්දීය රජය විසින් ගාන්ධිව මරාදමන ලෙස තමිල්නාඩු පොලිසියට නියෝග කර තිබූ බවත් එම ඝාතන සැලසුම ටී. එම්. ජී මෙහෙයුම ලෙස හඳුන්වා තිබූ බවත් තමිල්නාඩුවේ වික්‌ටස් සඟරාව ප්‍රකාශ කර තිබිණි.
මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී තිරුමුරුගන් ගාන්ධි චණ්‌ඩියෙක් මෙන් හැසිරෙන අයුරු අපි බලා සිටියෙමු.
ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාව වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ජනමත විචාරණයක් පැවැත්විය යුතු යෑයි ඔහු ඝෝෂා කළේය. එහෙත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට මේ තමිල්නාඩු බෙදුම්වාදියාට ඇති හිමිකම් කුමක්‌දැයි ප්‍රශ්න කිරීමට ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිවෙකු සිටියේ නැත. එහෙත් ජිනීවාහි ඉන්දීය තානාපති නිලධාරීන් ගාන්ධි ගැන අවධානය යොමුකරනු ලැබිණි.
ජිනීවාහිදී ඉන්දීය රජයට එරෙහිව හඬ නැඟීම ගැන අත්අඩංගුවට ගත් ගාන්ධි වෙනුවෙන් තමිල්නාඩුවේ ස්‌ටාලින් සහ වයිකෝ පමණක් විරෝධතා දක්‌වා ඇත. මේ අතර හෙළි වූයේ ගාන්ධිගේ නම ඩැනියෙල් බවත් ඔහු තෙලිඟු ජාතිකයකු බවත් ය.
එහෙත් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට ෙද්‍රdaහීවීම ගැන උතුරේ දේශපාලකයන් මෙරටදී අත්අඩංගුවට ගත්තා නම් කොළඹ රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ ආධාරකරුවන් නඟන ඝෝෂාව ගැන කිවයුතු නැත.
ඉන්දීය රජය තිරුමුරුගන් ගාන්ධි නමැති බෙදුම්වාදියාව මෙයට පෙරද අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස ගාන්ධිව අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමසාරිස් සෙයිද්රාද් හුසේන්ද හඬ නොනැඟුවේ ඔහු සිය ධුරයෙන් සමුගැනීම නිසාය.
එහෙත් ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය හෝ ත්‍රස්‌ත මර්දන ඒකකය උතුරේ මානව හිමිකම් රැකවළුන් යෑයි හඳුන්වාගන්නා එන්.ජී.ඕ ක්‍රියාකාරීන්ගෙන් ප්‍රශ්න කළ සිට ඒ බව මොහොතක් තුළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් වේ.
තිරුමුරුගන් ගාන්ධි ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් තහවුරුවන්නේ විදේශ රටවල සිටින ඉන්දීය තානාපතිවරු තම රටට එරෙහි වන ෙද්‍රdaහීන් ගැන කඩිනමින් ක්‍රියාත්මක වන අයුරුයි.
එහෙත් ස්‌විස්‌ටර්ලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එවන් ක්‍රියාත්මකවීමක් කිසිදිනෙක සිදුවී නැත.
මේ අතර චිලී රාජ්‍යයේ දෙවතාවක්‌ම ජනාධිපතිනිය ලෙස පත්වූ මිචෙලි බැචලෙට් ජිනීවා මානව හිමිකම් කොමාසාරිස් ලෙස පත්වී ඇත. මානව හිමිකම් කොමසාරිස් ධුරය සඳහා තිදෙනකු තරග වැදී සිටි අතර ඔවුන්ගෙන් හිටපු චිලී ජනාධිපතිනිය සුදුසු බව එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ගුටාරෙස් විසින් ප්‍රකාශ කර තිබිණි.
මෙම නව මහකොමසාරිස් පත්වීමත් සමඟම ඇය කලින් සිටි මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් අනුගමනය කරයිද එසේත් නැත්නම් ලෝක බලවතුන්ගේ රූකඩයක් වේද?
මිචෙලි බැචලෙට්‌ගේ අතීතයද කටුකයි. චිලියේ හිටපු ජනාධිපති අසන්ඩේ යටතේ සේවය කළ ඇගේ පියා වූ ජනරාල් ඇල්බර්මේ 1973 සැප්තැම්බර් 11 ඇතිවූ හමුදා කුමන්ත්‍රණයක් නිසා රාජෙද්‍රdaහී චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය. සාන්නියාගෝ නුවර බන්ධනාගාරයේ රඳවා සිටි බැෙච්ලිට්‌ට පමුණුවන ලද වධහිංසා නිසා 1974 මාර්තු 12 දා හෘදයාබාධයකින් මරුමුවට පත්විය. ඉන්පසු 1975 ජනවාරි මස මිචෙලි බැචලෙට් සහ ඇගේ මව අත්අඩංගුවට ගෙන දැස් බැඳ සන්තියාගෝ නුවර රහස් බන්ධනාගාරයේ රඳවා ඇත. 1975 වසරේදී මිචෙලට් බැෙච්ලෙට් ඔස්‌ටේ්‍රලියාවට පලාගියාය. සිව් වසරක් තිස්‌සේ රටින් පිටුවහල්වී සිටි මිචෙල් 1979 වසරේදී යළි චිලී රටට පැමිණියාය. 1998 වසරේදී ඇය චිලී ආරක්‍ෂක ඇමැතිගේ සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කළ අතර 2002 ජනවාරි 7 දා චිලී ආරක්‍ෂක ඇමැතිනිය ලෙස පත්වීය.
2009 ජනවාරි මස මිචෙලි බැං චෙලෙට් චිලියේ වසර 16 1/2 ක් තිස්‌සේ පැවැති බිහිසුණු හමුදා පාලනය යටතේ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා පිළිඹු කෙරෙන කෞතුකාගාරය විවෘත කළාය.
ජිනීවා මානව හිමිකම් කොමසාරිස් ලෙස මිචෙලි බැචෙලෙට් පත්වීම ඊශ්‍රායල් තානාපති ඩැනි ඩැනන් සතුට පළකර ඇති අතර හිටපු කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ධුරයෙන් යැම ගැන ප්‍රසාදය පළකර ඇත.
මෙම පසුබිම මැද මිචෙලි බැචෙලෙට්‌ට එරෙහිව සතුරන්ද ඇතිවී තිබේ. ඇය කියුබානු සහ වෙනිසියුලානු මෙන්ම නිකරගුවා ආණ්‌ඩු මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කිසිදු ප්‍රකාශයක් කර නැත.
මෙම තත්ත්වය මත මිචෙලි බැචෙලෙට් නව මානව හිමිකම් කොමසාරිස් ලෙස පත්වීම ගැන කොටි ඩයස්‌පෝරාව නොසතුට පළකර ඇතැයි වාර්තාවේ.
ඔවුන් බලාපොරොත්තු වූයේ ස්‌විස් ජාතික නෙයිල් මෙයිසර් පත්වන බවයි. මෙඩියර් යනු වධහිංසා පිළිබඳ සෙවීමේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයායි. එසේම මිචෙල්ගේ පත්වීම ගැන ඇමනෙස්‌ට් ඉන්ටර්නැෂනල් ඇතුළු රාජ්‍ය නොවන සංවිධානද අකැමැත්තක් දක්‌වා ඇතැයි වාර්තා විය.
මේ අතර ලන්ඩන් නුවර සිට බී බී සී වාර්තාකරුවන් ගෙන්වා මන්නාරම සමූහ මිනීවල ජාත්‍යන්තරකරණය කිරීමට මන්නාරමේ සහ උතුරේ කොටි හිතවාදී ඇතැම් මාධ්‍ය පාර්ශ්ව දියත් කළ මෙහෙයුම ව්‍යවිර්ථ විය. මන්නාරම් නගරය 1983 සහ 2009 අතර සමයේ පාලනය කරන ලද්දේ කොටි සංවිධානයයි. එසේ වූවත් මෙම සමූහ මිනීවල තිබූ ස්‌ථානයේ හමුදා මුරපළක් තිබූ බවත් වන්නිය වෙත ද්‍රවිඩ ජනතාව ගියේ එම මුරපළ පසුකර බවටත් සාවද්‍ය ප්‍රචාරයක්‌ද දියත් විය.
මේ හැර සොයාගත් සිරුරු කොටසක දම්වැලක් තිබූ බවටද හෙළිවිය. එහෙත් සිරකරුවන් දම්වැල්වලින් බැඳ කොටි සිරකුටිවල රඳවා තිබූ බව වන්නි මෙහෙයුම සමයේ අනාවරණය විය.
මෙලෙස මන්නාරම් සමූහ මිනීවල ගැන තොරතුරු විමර්ශනය කිරීම උතුරේ මාධ්‍ය පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධානවල තහනම් කිරීම නිසා තමන්ගේ මාධ්‍ය නිදහස උල්ලංඝනය කර ඇති බවට කොටි හිතවාදී මාධ්‍ය පාර්ශව ප්‍රකාශ කර ඇත.
genewa5දැන් එම තහනම ඉවත් වී තිබේ.
එසේම මන්නාරම සමූහ මිනීවල සහ අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කළ යුද හමුදාවේ නීතිවේදිනී මොහාන්ති පීරිස්‌ට ගැන ජාත්‍යන්තර ප්‍රජාව වෙත සාවද්‍ය ප්‍රචාර මෙහෙයවීම භාරගෙන ඇත්තේ වෙනින් කවුරුත් නොව කොටි ත්‍රස්‌තවාදීන්ගේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ ඊළම්වාදියායි. මොහු කිසිදිනෙක ප්‍රභාකරන් සිදුකළ ඝාතන හෙළා දැක නැත.
කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකය මොහු ගැන විමර්ශනයේ යෙදෙන අවස්‌ථාවේ ජර්මනියට පැනගොස් ඡේ. ඩී. එස් නමින් සංවිධානයක් අටවා ගනු ලැබීය. එසේම චැනල් ෆොa වීඩියෝ පටයට අවශ්‍ය වීඩියෝ දර්ශන කැලම් මැක්‌රේට ලබාදුන්නේ තම සංවිධානය බවද ඔහු කියා සිටියේය.
මෙවන් පසුබිම මැද කොටින්ට එරෙහි යුද්ධය අවසන්වී වසර 9 ක් ගතවූවත් යුද හමුදා බලධාරීන්ට මිතුරන් කවුද සහ සතුරන් කවුදැයි තේරුම් ගැනීමට නොහැකි වී ඇත.
ඒ බව සනාථ වූයේ ළඟදීම පැවැත්වෙන ආරක්‍ෂක සමුළුව සඳහා දේශන පැවැත්වීමට ඇරයුම් කර තිබුවන් ගැන නිරීක්‍ෂණ වීමෙනි. 1995 වසරේ යාපනය කොටින්ගෙන් මුදාගැනීමට එවකට හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුම සැලසුම් කළේය. මේ සැලසුමට එක්‌තරා විදේශගත කාන්තාවක් එරෙහිවෙමින් ශ්‍රී ලංකා හමුදාව නල්ලූර් කෝවිල විනාශ කර දමනු ඇතැයි කියා සිටියාය. මේ ප්‍රකාශය එකල ලන්ඩන් නුවර සිටි බලවත් දේශපාලන කාන්තාවක් වෙතද යොමුවිය. ඇය අනුරුද්ධ රත්වත්තේ අමතා රිවිරැස මෙහෙයුම නතර කරන ලෙස නියෝග කළත් ඔහු ඊට එකඟවූයේ නැත. රිවිරැස මෙහෙයුමින් යාපනය හමුදා පාලනයට නතුවූ අතර නල්ලූර් කෝවිලට අබමල් රේණුවක හානියක් සිදුවූයේ නැත.
එහෙත් එදා හමුදාවට එරෙහිවූ එම කාන්තාව හමුදාවේ ආරක්‍ෂක සමුළුවේ දේශනයක් පැවැත්වීම හමුදාවට කරන සරදමක් නොවේද?
මේ අතර යහපාලනය යටතේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රතිමා තිබූ ස්‌ථාන රැකගැනීමේ වැඩපිළිවෙළද යාපනයේ ක්‍රියාත්මක වේ.
පසුගිය සතියේ යාපනය නගර සභාව තිලිපන් නමැති කොටි මිනීමරුවාගේ ස්‌මාරකය තිබූ ස්‌ථානය වටා ආරක්‍ෂක වැටක් ඉදිකරනු ලැබීය. කොටි සංවිධානය තහනම්ව තිබියදී හිටපු ත්‍රස්‌තවාදියකුගේ ප්‍රතිමාව තිබූ තැන ආරක්‍ෂක වැඩක් ඉදිකරන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවූයේ නැත.
මෙය පුදුමයක් නොවේ. මෑතකදී උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් යාපනයේ පැවැති රජයේ රැස්‌වීමකදී උතුරු ඇතුළු සියළු පළාත්වලට ෆෙඩරල් ව්‍යවස්‌ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. පුද්ගලික හේතුව නිසා යෑයි කියමින් ප්‍රභාකරන්ට එරෙහි නඩුවක් විභාග කිරීමෙන් වැළකී සිටියේද උතුරු මහ ඇමැතිවරයායි. එසේම උතුරේ මහ ඇමැති ලෙස කලක් සේවය කළ වර්ධරාජා පෙරුමාල් නමැති ඊළම්වාදියාගේ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ තැනැත්තාද අද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වී ඇත.
වසර 19 කට පෙර ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් ත්‍රස්‌ත විමර්ශකයා වූ නිලබ්දීන් පසුගියදා විදේශ රටක සිට ආපසු මෙරටට පැමිණ පිටව ගියේය.
1991 ජනවාරි 31 දා කොටුවේ මහ බැංකුවට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයට ප්‍රභාකරන් වගකිවයුතු බව අධිකරණයට සනාථ වූයේ නිලබ්දීන් සොයාගත් ඇඟිලි සලකුණු නිසාය.
සිය දිවි නොතකා කළ මේ වීර ක්‍රියාව වෙනුවෙන් නිලබ්දීන්ට රුපියල් ලක්‍ෂ දෙකක ත්‍යාග මුදලක් අනුමතවූවත් ලැබුණේ රුපියල් ලක්‍ෂයක් පමණකි.
ඉතිරි රුපියල් ලක්‍ෂය ලබාදෙන ලෙස නිලබ්දීන් කළ ඉල්ලීමට පොලිස් මූලස්‌ථානය ප්‍රතිචාර දැක්‌වූයේ කොටුවේ මහ බැංකු බෝම්බ සිද්ධියට වරදකරුවන්වූ චූදිතයන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව දක්‌වමිනි.
මේ චූදිතයන් අතර ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් ජීවතුන් අතර නැත. මේ අතර මන්නාරම් සමූහ මිනීවළේ තිබූ අස්‌ථි කොටස් අතර සොයාගත් පාදයක දම්වැලක් ගැට ගසා තිබූ බව හෙළිවිණි.
වන්නි මෙහෙයුමට පෙර ආරක්‍ෂක බුද්ධි අංශවලට වාර්තා වූයේ වන්නියේ කොටි සිරකඳවුරුවල හමුදා සෙබළුන් ගැට ගසා තිබුණේ දම්වැල් වලින් බවයි.
මේ පසුබිම මැද මුලතිව් නයාරු වෙරළේ තිබූ ධීවර බෝට්‌ටු අබිරහස් ගින්නකින් විනාශ විය. මේ ගිනි තැබීම සිදුකළේ දකුණේ සිට පැමිණි සිංහල ධීවරයන් බව කොටි වෙබ් අඩවියක් ප්‍රකාශ කරනු ලැබීය.
මුලතිව් පොලිසිය පරීක්‍ෂණ පැවැත්වීමට පෙර ද්‍රවිඩයන්ගේ ධීවර බෝට්‌ටු ගිනි ගත්තේ කෙසේද?
උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් මුලතිව් ධීවර කාර්යාලයට පහරදීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස් කිරීමෙන් පසු ධීවර බෝට්‌ටු ගිනි තැබීම අබිරහසක් නොවේද?
කිර්ති වර්ණකුලසුරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...