වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු 52 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද සිද්ධියෙන් පැය භාගයක් ඇතුළත ඇති වූ කැරැල්ල ඉතා සාර්ථක අයුරින් මැඩ පැවැත්වීමට හැකි වූ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේය.
—————————————————-
බන්ධනාගාර රැඳවියෙක් යළි වහලය උඩ උපවාසයක
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා රැඳවියකු අද(20) යළි බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවක් අරඹා තිබේ.
හිටපු ජේලර්වරිය මාරු කර යැවීමට එරෙහිව ඇය මෙලෙස විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම සහ කාන්තා රැදවියන්ගේ මුලික අයිතිවාසිකම් ඉල්ලා පසුගිය 13 වැනිදා කාන්තා රැදවියන් පිරිසක් දින දෙකක් උද්ඝෝෂණයේ නිරත වී සිටි අතර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය හා පැවැති සාකච්ඡාවකින් පසු ඔවුහු විරෝධතාව අතහැර දැමුහ.
කෙසේ වෙතත් අද(20) එක් කාන්තාවක් මෙලෙස විරෝධතාවයෙහි නිරත බව දෙපාර්තමේන්තු ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...