සිරදඬුවම් නියමවී දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (20 වැනිදා) පැය තුනකට ආසන්න කාලයක සැත්කමක් සිදුකර ඇත.
පෙරවරු 8.00 සිට පෙරවරු 10.45 පමණ වන තෙක් මෙම සැත්කම සිදුකර ඇති අතර උන්වහන්සේ උදරයේ ඇති මිලි මීටර් තුනක පමණ වන ගලක් ඉවත් කිරීම සඳහා මෙම සැත්කම කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යකක්ෂ ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.
එම සැත්කම සාර්ථක බව පැවසූ නියෝජ්‍ය අධ්යක්ෂවරයා දහවල් වන විට ඥානසාර හිමියන්ව රෝහල් වාට්ටුව වෙත යොමුකළ බවද කියා සිටියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට වසර 06 ක සිරදඬුවම් නියම විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...