මේ දිනවල සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන දේශපාලන සහ ආර්ථික අංශවල බලවත් අවධානයට ලක්ව ඇත.
මේ ගිවිසුමට අදාළව වඩාත්ම සුවිශේෂි කරුණක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද පසුගිය දිනක මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි. එනම් සිංගප්පූරු- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ මහා මොලකරුවා අර්ජුන් මහේන්ද්‍රන් බවයි. දැනට උසාවියෙන් වරෙන්තු ලබා සිටින මහේන්ද්‍රන් සිටින්නේ සිංගප්පූරුවේය. ඔහු එරට පුරවැසියෙකි. සිංගප්පූරු- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් එරටදී පවතී සාකච්ජාවලට ඇමැති මලික් සමරවික්‍රමත් සමග අර්ජුන මහේන්ද්‍රන් මහතාද සහභාගී වී සිටි බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියයි. ඒ ගැන මෙන්ම මේ දිනවල විභාග වන ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේදී හෙළි වූ නිශාන්ත වික්‍රමසිංහගේ උපදෙස් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වූ පාඩු ගැනත් අපි බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළෙමු. ඒ අනුව මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වන්නේ අචාර්ය බන්දුල ගුණවර්ධන දැක්වූ අදහස් වලටය.
ප්රශ්නය – ඔබ මෑතදී ප්‍රකාශ කරලා තිබුණ සිංගප්පුරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ මහ මොලකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කියලා. ඔබ එහෙම සම්බන්ධයක් ගැන කියන්නේ කොහොමද?
පිළිතුර – සිංගප්පූරු- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ මහ මොළකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියල මම කිව්වේ නිකන් කටට ආවට නෙවෙයි. බැඳුම්කර කොමිසමෙන් පසු රටින් පැන ගිය අර්ජුන මහේන්ද්‍රන් සමග මේ සිංගප්පූරු ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන සිංගප්පූරුවේදී පැවැති සාකච්ජාවලට මලික් සමරවික්‍රම ඇතුළු කණ්ඩායම සහභාගි වෙලා තියෙනවා. කවුරුහරි කියනව නම් සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන සාකච්ඡුාවලට අර්ජුන මහේන්ද්‍රන් සහභාගි වූයේ නැහැ කියල ඊට අදාළ ඡුායාරූප ඉදිරිපත් කිරීමට මම සූදානම්. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක් නිසා ඔහුට සිංගප්පූරු රජයේ විවිධ පාර්ශ්වයන් සමග ඉතා කිට්ටු ඇසුරක් තිබෙනවා. ඒ නිසාම ඔහුව ගෙනත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කළා. සිංගප්පූරුවේ සිට එහි සියලූ ආයෝජන ව්‍යාපාර, කර්මාන්ත යනාදිය මෙහෙයවීමේ බලාධිකාරයක් මේ ගිවිසුම යටතේ අර්ජුන මහේන්ද්‍රන්ට ලැබෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරටේ ඒකාබද්ධ කමිටුවක් තිබෙනවා. ඒ කමිටුවට මැති ඇමැතිවරුන් කවුරුත් නම් කරනවා කියලා නැහැ. අනාගතයේ අර්ජුන මහේන්ද්‍රන්ගේ නියෝජිතයා නියත වශයෙන්ම මේ කමිටුවට නම් කරනවාමයි.
fea8 2ප්රශ්නය – ඔහුගේ නියෝජිතයෙක් ?
පිළිතුර -ඔව්. දැනට ඔහුගේ නියෝජිතයෙක්. මේ ගිවිසුමේ කාල සීමාවක් නෑනෙ. දැන් චීන රබර් සහල් ගිවිසුමේ කාලය වසර පහයි. පස්සේ අවුරුදු පහෙන් පහට දික් කළා. එහෙම මේකේ කාලයක් නෑ. මේක ලංකාව තියෙන කල්. එතකොට මේ ගිවිසුම වෙනස් කරන්න පුළුවන් කියනවනේ. එහෙම වෙනස් කරන්න බෑ. මේ ගිවිසුමට අත්සන් කරපු පාර්ශව දෙකම කැමති වෙන්න ඕන. කැමති වෙන්නේ නැති වෙලා ආරවුලක් ඇති වුණොත් එක විසදගන්න සිංගප්පූරුවේ බේරුම්කරණයට යන්නම වෙනවා.
ප්රශ්නය – ඔබ කියන සාකච්ජාව අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ නියෝජිතයින් හා සිංගප්පුරු නියෝජිතයි සමග පවත්වපු සාකච්ජාවක් ද එහෙම නැත්නම් ඔහු ලංකාවේ අය එක්ක පමණක් පවත්වපු සාකච්ජාවක්ද ?
පිළිතුර – අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරු රජයත් එක්ක පවත්වපු සාකච්ජා ගැන පින්තුර මගේ ළග නෑ. මම හරියටම දන්නේ නෑ සිංගප්පුරු රජයෙන් මේකට සහභාගී වුණේ කව්ද කියලා. මම දැකපු පින්තූරවල ඉන්නේ මලික් සමරවික්ර මහතා, සිංගප්පුරු ජාතිකයින් සහ අර්ජුන මහේන්ද්‍රන්.
ප්රශ්නය – එතකොට ඔබ කියන්නේ මේ ගිවිසුම ගැන සිංගප්පූරුවේදී පවත්වපු සාකච්ජා වලට අර්ජුන මහේන්ද්‍රන් පැමිණ සහභාගි වෙලා තියෙනවා.
පිළිතුර – ඔව්. කලින් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් ඔහු යවන්න අගමැතිතුමා කැමැති වුණේ නෑ. ඊට පසු රජයේ රැුකියා දශලක්ෂයේ වැඩපිළිවෙළේ ප්‍රධානියා ලෙස ඔහු පත්කළා. ඔහුට අරලියගහ මන්දිරයේ කාර්යාලයක් පවා දුන්නා. ඉන්පසු ජනාධිපති පත්කළ බැඳුම්කර කොමිසමේදී අර්ජුන මහේන්ද්‍රන්ලගේ, රවී කරුණානායකලගේ සහ පසු පෙළ ඉන්න අයගේ එහෙම රෙදි ගැලවුණා මේකෙ සාක්ෂි අනුව.
ප්රශ්නය – අගමැතිතුමාගේ හැර ?
පිළිතුර – ඔව්. අගමැතිතුමාගේ හැර අනිත් අයගේ රෙදි ගැලවුණා. අගමැතිතුමාව බේර ගත්ත සියලූ අය දන්න දහිරි ඔක්කොම දාල. ප්‍රශ්න කලින් යවල උත්තර ගෙනත් මේවා කළා. බැඳුම්කර කොමිසම මහා බැංකුව කාපු අර්ජුන මහේන්ද්‍රන්ට නම් මුකුත් කිව්වේ නෑ. මට නම් උසාවියට අපහාස කළා කියල බොහොම අමාරුවෙන් තමයි මම බැඳුම්කර කොමිසමට සාක්කි දෙන්න ගිහින් සමාවෙන්න කියල බේරිලා ආවේ. කොමිසමේ කරුණු හෙළිදරව් වුණහම බැඳුම්කර කොමිසමෙන් පසු අර්ජුන මහේන්ද්‍රන් රටින් පැනල ගියා. පැනල ගියාට පස්සේ සිංගප්පූරුවේ සිට මේ ගිවිසුමේ සාකච්ඡුාවලට ඔහු මලික් සමරවික්‍රම ඇතුළු කණ්ඩායම සමග සහභාගි වෙලා තියෙනවා.
ප්රශ්නය – සිංගප්පූරුවේදී ?
පිළිතුර – ඔව්. කව්රුහරි කියනවනම් සහභාගි වුණේ නෑ කියල. එහෙම කිව්වට පස්සේ මම ඊට අදාළ පින්තුර ඉදිරිපත් කරනවා. ඔහු සිංගප්පුරු ගිවිසුම ගැන එරට තිබුණ සාකච්ජා වලට සහභාගි වෙලා තියෙනවා.
ප්රශ්නය – ඔබලාගේ රජයක් ඉදිරියේදී බලයට ආවොත් මේ සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට මොකද කරන්නේ ?
පිළිතුර – ඒක තමයි. අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේකට සාධාරණයක් ඉටු කරයි කියලා. මොකද මේකේ අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අවස්ථා ගණනාවක් තියෙනවා. ඉතාම සරල උදාහණයක් ගමුකො. 22 සහ 23 වගන්ති වල තියෙනවා මේ ලේඛන සියල්ල මව් භාෂා වන සිංහල සහ දෙමළ භාෂා වලින් තියෙන්න ඕන ඉංග්‍රීසි පරිවර්තනයත් සමග කියල. අද වෙනකම් කිසිම තැනක මේක සිංහලට පෙරලා නෑ. අති මහත් බහුතර මිනිස්සුන්ගේ අයිතිය. ඊළඟට දෙමළට පෙරරලා නෑ. ඒ ජනවර්ගයේ අයිතිය. ඒ අයිතිය සම්පූර්ණයෙන් නැති කරලනේ මේ යන්නේ.
ප්රශ්නය – ඔබතුමාලගේ රජයකදී මේ ගිවිසුම සහ ඔබ කියන පරිදි එහි මහමොලකරු වන අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?
පිළිතුර – ගත හැකි උපරිම නීත්‍යානුකුල ක්‍රියාමාර්ගය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුමේ 17 (11* වගන්තියේ පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකා රජයේ නීතිරීති වලට ගරු කරමින් තමයි මේක අත්සන් කරන්නේ කියලා. දැන් ශ්‍රී ලංකා රජයේ නීතිරීති උල්ලංඝනය කරලා කියල අපි දිගටම කියනවනේ. මහජනයා මේක සැප්තැම්බර් 05 වෙනිදට මහ පාරට ඇවිල්ලත් කියයි මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න එපා කියල රටට අවාසි වෙන නිසා. රටට වාසි වෙන පරිදි සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට අපේ කිසි විරුද්ධත්වයක් නෑ. එතකොට සිංගප්පුරු රජයත් අදැනගන්න ඕන ශ්‍රී ලංකා රජයේ නීතිරීති උල්ලංඝනය කරලා තියෙනවනම් අපේ ආණ්ඩුවක් ආවම මේ ගිවිසුම නිෂ්ප්‍රභ වෙනවා කියල.
ප්රශ්නය – මාධ්‍යවේදීන් ලෙස කොමිසමේ සාක්ෂි අනුව ඒවා උසාවියට වාර්තා කරලා එදා බැඳුම්කර කොමිසම යද්දීම අර්ජුන මහේන්ද්‍රන්ට විදෙස් ගමන් තහනමක් ගන්න කියල අපි ලිව්වා. නැත්නම් …?
පිළිතුර – ඔබලා ඒක ලිව්වා වගේම අපි ඔහු පිටරට ගිහින් එද්දිම අත්අඩංගුවට ගන්න කියලත් කිව්වා. ඒවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් අපේ සනත් නිශාන්ත කියන මන්ත්‍රීවරයා පොලිස් පොතේ නියමිත දිනට අත්සන් කරන්න ආවේ නෑ කියලා පරණ නඩුවකට එතුමාව ඇප නැතුව ඇතුළට දාල තිබුණ. පොලිස් පොතේ අත්සන් කළේ නෑ කියල මාස ගාණක් ඇප නැතුව ඇතුළට දාල තිබුණේ සනත් නිශාන්ත පමණයි. ඉතින් විශේෂ අධිකරණ හදල ඉලක්ක බලා ප්රභාකරන්ට ගහපු, එල්ටීටීඊ ඩයස්පෝරාවට එරෙහිව හිටපු කව්රු හරි ඉන්නවනම් ඒ අයට එලව එලව පහර දෙන එක තමයි මේ ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය.
ප්රශ්නය – මාධ්‍යවේදීන් ලෙස ඕනෑම රජයක වැරදි අඩුපාඩු කතා කරනවා සද්භාවයෙන්. එදා මහින්ද රාජපක්ෂ රජයේ වැරදි අඩුපාඩුත් කතා කළ බව ඔබට මතක ඇති. ඒවගේ දැන් හිටපු ජනාධිපතිතුමාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ කරපු දේවල් ශ්‍රී ලංකන් ජනාධිපති කොමිසමේදී හෙළි වෙනවා. බැඳුම්කර වංචාවට සාපේක්ෂව මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. පසුගිය දිනවල කොමිසමේ සාක්ෂි විභාගයේදී හෙළි වූ පරිදි ඔහුගේ එක උපදෙසකින් පමණක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රු. එක් කෝටි දාහත්ලක්ෂයකට අධික පාඩුවක් වෙලා තියෙනවා. පක්ෂ පාට බේදයකින් තොරව මහජන මුදල්වලට හානි කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර – දැන් මස්සිනා හරි බාප්පා, මහප්ප හරි වෙන ඥාතීන් හරි අපි හරි කැබිනට් ඇමතිවරු ලෙස යම්කිසි සාධාරණ යුක්තිසහගත නීතිමය ක්රියාමාර්ගයකින් යුක්තිය පසඳල වැරදිකරුවෝ වෙනවනම් එයට අවශ්‍ය ද`ඩුවම් දුන්නහම ඒක බේරා ගන්න කිසි වෙලාවක අපිවත් ඉදිරියේදී පිහිටුවන රජයක්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. හැබැයි ඒ නීතිය පළිගැනීමේ චේතනාවෙන් තොරව සාධාරණ හා යුක්තිසහගත ලෙස නීතිය පසඳලා තිබෙන්න අවශ්‍යයි. මොකද හේතුව ඉතිහාසයේ ඕන තරම් කොමිෂන් වලින් වැරදිකාරයෝ වූ අය ඉන්නවා. උදාහරණයක් ලෙස බටලන්ද කොමිසමේ වාර්තාව මුද්‍රණය කරලා තියෙනවා එහි රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලි ලෙස වැරදි කරුවෙක් කරලා තියෙනවා. ඒ වුණාට ද`ඩුවම් දුන්නේ නෑ.
ප්රශ්නය – ඔබතුමන්ලගේ රජය කාලෙත් ඒ වාර්තාවට මුකුත් කළේ නෑනේ?
පිළිතුර – කළේ නෑ.
ප්රශ්නය – දැන් ඇතැම් අයගේ ආකල්පයක් තියෙනවා මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා එකිනෙකා රකිනවා කියලා. සනත් නිශාන්තල හිරේ යනවා.?
පිළිතුර – නෑ. රකිනවා කියන එක නෙවෙයි එතන තිබුණේ මහින්ද රාජපක්ෂ රජයට ඔය පුද්ගල සිද්ධි වටා යන්න කාලයක් තිබ්බේ නෑ. මොකද ඒ කාලේ මුල අවුරුදු තුනම සම්පූර්ණ අවධානය යොමු කරන්න තිබුණේ සුනාමියෙන් විනාශ වෙලා තිබුණ ටික යථා තත්ත්වයට පත් කර ගන්න. දෙවනුව තිබුණේ රටේ ලොකුම ප්රශ්නය වන යුද්ධය විසඳන්න. එලෙස ජාතික ප්‍රමුඛතාව යුද්ධය නිම කරන්න යොමු කිරීම තුළ ඊට අඩු දේවල් ගැන අවධානය යොමු වුණේ නෑ ඒක ඇත්ත. ඊට පස්සේ යුද්ධය නිම වෙලා 2010 ඉඳන් මහා පරිමාණ සංවර්ධන සංග්‍රාමයක් පටන් ගත්ත. එවිට එහි උපක්‍රම වලට ගියා. අධිවේගී මාර්ග, විදුලි බලාගාර, මංමාවත් හැදීම් යනාදියට වැඩි අවධානයක් යොමු කළා.
ප්රශ්නය – ඒ දවස්වල අපට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තය නිතර අරලියගහ මන්දිරයට ගිහින් කලූ කෝපි බීල සාකච්ජා කරලා ආවනේ. දැන් යුද්ධයක් නැහැ, ඉස්සරහට මහින්ද රාජපක්ෂ කඳවුරේ රජයක් බලයට ආවොත් ඔබ කියපු බටලන්ද කොමිසමේ වාර්තාවට වගේම බැඳුම්කර මගඩියේ මහමොලකරුවන්ට එරෙහිව පියවර ගන්නවද එහෙම නැත්නම් ඒ අය රකින්න මහින්ද රාජපක්ෂ මහතාට ඉඩ දෙනවද? ඒ අය රැුකලා පොඩි පොඩි අයට පමණක් නීතිය ක්‍රියාත්මක වෙයිද කියන කුකුසත් ඇතැම් අයට තියෙනවා?
පිළිතුර – නෑ, දැන් ඒ ආකල්පය වෙනස් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඉතා පැහැදිලිව විශ්වාසභංග යෝජනාවක් ගේනවනේ අයින් වෙන්න කියලා. අපි හැමෝගෙම පුද්ගලිකව හිතවත්කම්, යාළුකම් සහ ගරු කිරීම් තියෙනවා. නමුත් මහජන මතය මේ සියලූ දෙනාට මේ කරපු විනාශයට සාධාරණ ලෙස විභාග කරලා යුක්ති සහගත නීත්‍යනුකුල ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලයි. ඒ නිසා පැකිලීමකින් තොරව විශ්වසනීය ලෙසම මේ සියලූ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒකයි මම කිව්වේ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන් ප්‍රවේසම් වෙන්න ඕන කියල. ඇමැති කෙනෙක් කිව්වට, ජනාධිපති කිව්වට, අගමැති කිව්වට ඒක කරන්න බෑ. අද ඔප්පු කරලා තියෙනවා ජනාධිපති කිව්ව කියල සිල් රෙදි දීල ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා කිසිම හොරකමක්, වංචාවක්, ¥ෂණයක් නොකළත් ද`ඩුවම් නියම කළානේ. ඒක අපිත් කරනවා මීට වඩා නීත්‍යනුකුල ආකාරයට.
– ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...