දේශීය පුවත්

අද වන විට දේශපාලකයා හා අපරාධකරුවා සමඟ පවතින සම්බන්ධතාවය හදුනා ගත නොහැකි තරමට පත් වි ඇති බව ප්‍රවීන මාධ්‍යවේදි වික්ටර් අයිවන් පවසයි.

පසුගියදා කොළඹදි පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

“දේශපාලකයෝ අපරාධකාරයෝ මතත්, අපරාධකාරයෝ දේශපාලකයෝ මතත් යැපෙන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත වුණා. ඒක කොච්චර දුර දිග ගියාද කියනවා නම් අද වන විට දේශපාලකයා අපරාධාකාරයයි එකිනෙකා අදුර ගන්න බැරි තරමට එක් කෙනෙක් වෙන තත්ත්වය පත් වෙලා. අවසානයේ අපිට ඉතිරු වෙලා තියෙන්නේ හිරි වැටිච්ච සමාජයක් හා කුණු වෙච්ච රාජ්‍යයක්. ඒ දෙකෙන් අපි ගොඩ එන්නේ කොහොමද?”

“මම හිතෙනවා ක්‍රමය තුලින් බලයට එන අනාගත ජනාධිපතිවරයෙක්වත්, ක්‍රමයෙන් පිට ඉදන් ආයුධ අරගෙන ගහන කැරැල්ලකටවත් බේර ගන්න පුළුවන් අර්බුදයක් නෙමෙයි. මෙය සමාජය දැනුවත් වීම තුලින් විනයගරුක, නීතිගරුක වීම මගින් විසඳා ගත යුතු මහා අර්බුදයක් අපි ඉන්නේ. බොහොම තදින් තියන විශ්වාසයක් තමයි 2020දි අපිට පුළුවන් වෙයිද තවත් හොද ජනාධිපතිවරයෙක් පත් කර ගන්න. ඒක පිස්සුවක්. ක්‍රමය ඇතුලෙන් පත් වෙන කිසිවෙකුටත් කවර හෝ යහපත් වෙනසක් ඇති කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි රාජ්‍ය තියෙන්නේ. රාජ්‍යයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සෑම කොටසක්ම තියෙන්නේ උපරිම අශයෙන් කුණු වෙච්ච තැනක.” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More