සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා සැප්තැම්බර් මාසයට අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 54,000 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 305 ක මුදලකට හා යූරියා (ප්රිල්) මෙට්‍රික් ටොන් 6,500 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 325 ක මුදලකට ඇග්රි කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින් මිල දී ගැනීම සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,000 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 334.1 මුදලකට ස්විස් සිංගපූර් ඕවර්සීස් එන්ටප්‍රයිසස් වෙතින් මිල දී ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙම ටෙන්ඩර්වල සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් 23,584,000.00 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...