ඉරානයට පහරදීමට පසුබට වන්නේ නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප‍්‍රකාශය ඉරානයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සම්බාධක දැමීමෙන් පමණක් ඉරානය ‘මට්ටු’ කළ නොහැකි බවත්, ඉරානයට පහරදීමක් කළ යුතු බවත්ය.
ට‍්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව පැනැවූ සම්බාධක හේතුවෙන් ඉරානය ආර්ථික අර්බුදයකට ලක් වී ඇති නමුත් එය ප‍්‍රමාණවත් නොවන බව ජෝන් බෝල්ටන් පැහැදිලි කර තිබේ.
ජෝන් බෝල්ටන්ගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාවෙන් ප‍්‍රහාර එල්ල වුවහොත් ඇමෙරිකාවට පමණක් නොව, ඊශ‍්‍රායලයට පවා පෙරළා පහර දීමට තමන් පසුබට නොවන බවය.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරිපාලනය, මැදපෙරදිග කලාපයේ ඔවුන්ගේ සමීපතම හිතවතා වන ඊශ‍්‍රායලයේ කීමට තමන්ට එරෙහිව කි‍්‍රයාත්මක වෙනවා යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අවධාරණය කර ඇත.
රොයිටර්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...