දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
අද (23) රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම් වුවත් දුම්රිය මගීන් ‘ඇසළ පෙරහැර’ නැරඹීමට ගමන් කිරීමට නියමිත බැවින් සහ උසස් පෙළ සිසුන්ගේ පහසුව සලකා බලමින් වර්ජනය ලබන බදාදා (29) වැනිදා දක්වා කල් දැමූ බව එම වෘත්තීයේ සමිතියේ ලේකම් කමල් පීරිස් මහතා පැවැසීය.
“දළදා පෙරහැර පැවැත්වෙනවා. උසස් පෙළ විභාගය අවසන් නැහැ. ඒ නිසා අපට කිසිවකුත් ප්‍රාණ ඇපයට ගන්න හෝ කප්පක් ගන්න හෝ යොදාගන්න බැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය ලබන බදාදා (29) මධ්‍යම රාත්‍රියේ දී දියත් කරන්න තීරණය කළා” යැයි හෙතෙම කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (23) සාකච්ඡාවක් පැවැත්වූ බව ද එය සාර්ථක නොවූ බව දහෙතෙම කීය.
“සරත් අමුණුගම අමාත්‍ය කමිටුව ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන තෙක් මාස දෙකක් ඉවසන්නැයි ජනාධිපතිවරයා අපට කියා සිටියා” යැයි පීරිස් මහතා කීය.
ඬේලිමිරර්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...