දේශීය පුවත්

පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊට අනුව පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණහොත් ඒ සඳහා පළාත් සභා පනතට අනුව විශේෂ කමිටුවක් පත්කර එම කමිටුව මගින් වාර්තාව නැවත සලකා බැලිය හැකියාව ඇත.

කතානායකවරයා විසින් එම කමිටුව පත්කළ යුතු අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද වාර්තා වෙයි.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් එම පනත මාස දෙකක් ඇතුළත සලකා බලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව ජනාධිපතිවරයා පිළිගන්නේ නම් සීමා නිර්ණය වාර්තාව සම්මත වූවාසේ සැලකිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් නව මැතිවරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි වනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More