“අපිට කිසිම උදව්වක් කරන්න එපා” යැයි රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුව ඊයේ (23) කොළඹදී පැවැත්විණි.
අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.
එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයතනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝධය කලාකරුවන්, වාමාංශික ක්‍රියාකාරින් සහ විද්වතුන් දැක්වීය.
එහිදී ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙසේ අදහස් දැක්විය.
“බුදුන්ගේ රස්තියාදුව කෘතිය සම්බන්ධව, ඒ කෘතියේ මුද්‍රණකරුවා මම. ප්‍රකාශකයා මම. බෙදාහරින්නෙත් මම. එතකොට අපි එදා හැන්දෑවේ කෘතිය ලෝන්ජ් කරන්න ලෑස්ති වෙනකොට මිරිහාන පොලිසියෙන් නිලධාරීන් තුන් දෙනෙක් ඇවිල්ලා අපිව මිරිහාන පොලිසියට රැගෙන යනවා. මමත්, ශ්රිනාතුත් පොත් පන්සීයක් තිබුණු සියල්ලමත් අරගෙන අත්අඩංගුවට අරගෙන මිරිහාන පොලිස් අරන් යනවා. විශාල අරගලයක කණ්ඩායම් විශාල ප්‍රමාණය පොලිසියට ගිහිල්ලා මේක පැහැදිලි කරාම අපිව නිදහස් කරනවා පොලීසියෙන්. එදා උත්සවය තියෙනවා. දැන් ඉන්නවා සංස්කෘතික ඇමැතිවරයෙක් ඔහු සිංදුවක් එහෙමත් ලියලා තියනවා. සී.ඩි එකක් එහෙමත් ගහල තියෙනවා. ඒ කියන්නේ ඔහු කලාකාරයෙක් වෙන්න උත්සාහ කරපු එක්කෙනෙක්. චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙනවා. එයාගේ නම විජේදාස රාජපක්ෂ. අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඇමැතිවරයා සංස්කෘතිකද කියලා. ඒ නිසා ඇමැතිවරයාට එහෙම ගැටලුවක් තියෙනවා නම් ඕනෑම වෙලාවක සංවාද කරන්න පුළුවන්කමක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් නෑ අගමැති කවුද? ජනාධිපති කවුද? ආණ්ඩුව මොකක්ද කියලා. වාරණය කරනවා නම් එහෙම ඒක කලා කරුවාගේ සම්පූර්ණ අයිතිය.”
රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා මෙසේ අදහස් දැක්විය.
“දැන් අපිට ඉල්ලා සිටින්න තියෙන්නේ ආණ්ඩුවලට අපට කිසිම උදව්වක් කරන්න එපා. ඕගොල්ලන්ගෙන් අපිට කිසිම උදව්වක් ඕන නැහැ. අපට කරන්න පුළුවන් එකම උදව්ව තමයි කලාව, සාහිත්‍ය, සංස්කෘතිය දිහා හැරිලවත් බලන්නේ නැතුව ඉන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...