සරසවි සිසුන්ට එරෙහිව අවම බලය භාවිත කළ යුතු බවත් මේ වන විට වත්මන් ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාල වල බලය නැවත වරක් සිසුන් ලබාගෙන ඇති බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මම කරපු ලොකුම දේ තමයි විශ්වවිද්‍යාල පරිපාලනය ශිෂ්‍යන්ගේ අතින් අරගෙන ආචාර්ය මහාචාර්යවරුන්ට භාරදුන්නා. මේ ආණ්ඩුව ආපු ගමන් වුණේ ආපහු දරුවෝ මේ බලය ගත්තා. පෙරටුගාමී එක තමයි පේරාදෙණිය පාලනය කරන්නේ. උපකුලපතිතුමාගේ ලොජ් එකේ ඉන්නෙත් පෙරටුගාමීන්. ඉතාම අමානුෂික විදිහට නවක වද වදය දෙන්නේ හාමුදුරුවරු.
(ශිෂ්‍යයන්) දේශපාලනය කිරීම සමපූර්ණයෙන් සාධාරණයි. හැබැයි දේශපාලනය කරනවා කියන්නේ විශ්වවිද්‍යාලය පාලනය කරනවා නෙවෙයි. මම හැමදාම ළමයි ආපුවාම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නෑ පලයව් යන්න කියලා එලවනවා. අවම බලය පාවිච්කරන්න ඕන. අවම බලය කියන්නේ බැටන් එක කඳුළු ගෑස් හා පොලු පහරවල් හොඳයි. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...