ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සුළු ජනවාර්ගික පක්ෂ සඳහා බහු මන්ත්‍රී කොට්ඨාස ඇති නොකළොත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී කීවේය.
පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ විවාදයේදී අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා සීමා නිර්ණ කමිටුව විසින් මුස්ලිම් ප්‍රජාව ඇතුළු උතුරු නැගෙනහිර සුළු ජනප්‍රජාවට දැන් අසාධාරණයක් සිදුව ඇතැයි කීය.
කුඩා ජන කොට්ඨාස සඳහා වෙනම කොට්ඨාසයක් ලෙස බහු මන්ත්‍රී ආසන ලබාදිය යුතු බව කී ඇමැතිවරයා එසේ නොවුණහොත් එම අසාධාරණයට එරෙහිව ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බව ද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...