දේශීය පුවත්

ගමියන් නොමග යවා රට බෙදන ව්‍යවස්ථාව සාධාරණීකරණය කරන්න සංහිදියා කාර්යාලයෙන් “අහන්න” වැඩසටහන දිවයින පුරා ගමන්කරයි.

මුදල් හා ජනමාධ්‍යය අමාත්‍යාංශයත්,ජාතික තරුණ සේවා සභාවත්,සංහිදියා කාර්යාලයත්,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ව “අහන්න” වැඩසහන දිවයින පුරා ගමන්කරමින් සිටි. එහි එක් වැඩසටහනක් සොරබොර ප්‍රදේශයේ විහාරස්ථානයක සිදු කෙරිණි.

මේ සදහා ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන් හා ජනතාව සහභාගි කොට අැත්තේ තමන්ට තිබෙන අලි ගැටළුව විසදන්නට ජනාධිපති කාර්යාලයෙන් පැමිණෙන බව ව්‍යාජ පණිවුඩයක් මගිනි.

එහෙත් මෙහි පැමිණි ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට අහන්න වැඩසටහන දියත් කෙරිණි.එහි මහාචාර්ය රාජා උස්වැටකෙයියාව නැමති අයකු විසින් දේශන පැවැත්විය.

මේ යැඩසටහන තුළ ජනතාවට දැනුවත් කරන්නට උත්සහා දරණ කාරණා කිහිපයක් අැත.

1 යුද්ධය හා LTTE කරුවන් සටන්කරුවන් බවට සාධාරණ කරමින් යුද්ධෙන් අතුරුදහන් වූවන් ගැන සොවීම සදහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සාධාරණීකරණය කිරීම(සංහිදියාවේ නාමයෙන්)

2 රට බෙදන ව්‍යවස්ථාව සාධාරණීකරණය කිරීම.ජනතාවට සංවර්ධන කැරට් අලය පෙන්වා විරුද්ධ නොවන්නට ජන රැල්ලක් හැදීම.

3 යහපාලන අාණ්ඩුවට පවතින ජනතා විරෝධය පාලනය කිරීම.

මෙම වැඩසටහන මෙයට සමගාමීව මේ දිනවල දකුණු පළාතේ ද ක්‍රියාත්මක වන බව ඔවුන් පවසා අැත.

භික්ෂූන් වහන්සේ හා අන්‍යාගමික පූජකයින් සහභාගී කර ගෙන පැවැත්වෙන මෙහිදී ජාතික තරුණ සේවා සභාවේ වීදි නාට්‍යයක් හා සංහිදියා ගීතයකින්ද ජනතාව දැනුවත් කරති.
මෙය හුදෙක් අහිංසක ජනතාවගේ ඔළු හෝදන වැඩසටහනක් බව පෙනේ.අධික මුදලක් ද වෙන් කර අැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More