හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) උදෑසන වීරකැටිය, මැදමුලන නිවස වෙත පැමිණියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට දැක්වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කථාබහකද නිරත වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විජේදාස රාජපක්ෂ මහතාද එක් විය.
ජනාධිපතිවරයා එහිදී හිටපු ජනාධිපතිවරයා සමග උදෑසන ආහාරයද ලබාදෙන ඇති බවද වාර්තා වේ.
එම වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...