ඉදිරියේදී පවත්වන පළමු මැතිවරණය ලබන වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මැතිවරණ ක‍්‍රමයේ අර්බුදය හේතුවෙන් පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද වාර්තා වෙයි.
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වීමෙන් පසුව කථානායකවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු සකස් කිරීමට කමිටුවක් පත් කළ යුතු වෙයි. එම කමිටුව මාස 02 ක කාලයක් තුළ අදාළ වාර්තාව සකස් කර ජනපතිවරයා වෙත යොමු කළ යුතු බව මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු පැවසීය.
කමිටු වාර්තාව පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම් ජනපතිවරයා විසින් වාර්තාව පිළිගෙන නව ක‍්‍රමය යටතේ මැතිවරණයකට යෑමට මැතිවරණ කොමිසමට ඉඩදිය හැකි වෙයි.
මේ අතර සීමා නිර්ණ වාර්තාවට අයත් අතුරු වාර්තා කිසිවක් මේ වනතෙක් සකස් කර නොමැති නිසා එම වාර්තා කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු බව ද වාර්තා වෙයි. ඒ සඳහා ද කලක් ගත වෙනු ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...