දේශීය පුවත්

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් සඳහා අනිවාර්යෙන් විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට එම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේදයට මුවා වී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිතවත් මාධ්‍යවේදීන් ගෙදර යැවිය යුතු බව එම ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සාකච්ඡා කර ඇත.

සේවක අතිරික්තයක් පවතින බව කියමින් මෙම අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේදය ක‍්‍රියාවට නැංවීමට නියමිතය. වර්තමාන රජය බලයට පත්ව ගෙවුණු වසර තුනක කාලය තුළ සේවක අතිරික්තය අඩු කිරීම සඳහා ස්වයං විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේද දෙකක් ක‍්‍රියාවට නැංවිණි. සේවක අතිරික්තයක් අති බව කියමින් ආයතනයේ පැරැණි සේවකයන් වන්දි ගෙවා ඉවත් කරමින් යන අතරම දේශපාලන හිතවතුන් බඳවා ගැනීමත් ජයටම සිදුකෙරෙමින් පවතී.
ආයතනයේ වත්මන් සභාපතිවරයාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද රැුස දිනපතා පුවත්පතට පමණක් මේ වන විට 30ක පමණ කාර්යමණ්ඩලයක් බඳවා ගෙන තිබේ. ඊට අමතරව දේශපාලන ගෝලබාලයන් ඇතුළුව 400ක පිරිසක් ද බඳවා ගැනීමට පසුගිය දිනවල කටයුතු කෙරිණි. එම පත්වීම් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණවල දී සලකා බලා ඇත්තේ උප්පැන්න සහතිකය, ග‍්‍රාම සේවක සහතිකය සහ ජාතික හැඳුනුම්පත පමණකි. ඒ හැර කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් මෙම සම්මුඛ පරීක්ෂණවල දී සලකා බලා නැත.

-sabe



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More