හම්බන්තොට දී විරෝධාවක් නිරතව සිටියදි අත්අඩංගුවට ගත් තරුණයකුට පහරදීමේ සිද්ධියේ චෝදනා එල්ල වී සිටින සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍රයක් බාර දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා ජාතික පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර දළුවත්ත මහතා වෙත චෝදනා පත්‍රයක් බාර දිය යුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇත.
ඒ අනුව පොලිස් කොමිසමේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ චෝදනා පත්‍රය ලබාදීමටයි.
ආයතන සංග්‍රහයේ දෙවන ඛාණ්ඩයේ විනය කාර්ය පරිපාටිය අනුව මෙම චෝදනාපත්‍රය ලබාදෙන බවත් එය ලබන සතියේ ලබා දෙන බවත් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
මෙම චෝදනා පත්‍රය නිකුත් කර මසක් ඇතුළදී දළුවත්ත මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...