ඒකාබද්ධ විපක්‍ෂය විසින් ලබන 05 වැනිදා ‘ජනබලය කොළඹට’ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවට එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් කිහිපදෙනකු සම්බන්ධ කර ගැනීමට මේ දිනවල සාකච්ඡා පවත්වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පැවැසීය.
මෙම මන්ත්‍රීවරුන් කිහිපදෙනා ගාල්ල සහ මහනුවර දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන බවත්, ඔවුන් සමඟ ඔවුන්ගේ ආධාරකරුවන් ද සැප්තැම්බර් 05 වැනිදා විරෝධතාවට සම්බන්ධ කර ගැනීම සාකච්ඡාවල අරමුණ බවත් හෙතෙම කීය.
වත්මන් ආණ්‌ඩුව ජාතික සම්පත් පිට රටට විකිණීම, ජනතාව මත අධික බදු බරක් පැටවීම ඇතුළු කරුණු කිහිපයක් නිසා කළකිරීමට පත්ව සිටින එජාප සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 වැනිදා විරෝධතාවට එක්‌කර ගැනීමට මේ වනවිට පැවැත්වූ සාකච්ඡා හොඳ මට්‌ටමක පවතින බව ද මන්ත්‍රීවරයා කීය.
කොළඹදී පැවැත්වෙන විරෝධතාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ සහභාගීත්වය කෙසේ වුවත් එම කණ්‌ඩායමේ ඉතිරි පිරිස සහභාගි වන බව කී මන්ත්‍රීවරයා විරෝධතාව පැවැත්වෙන ස්‌ථානය ඉදිරියේදී ප්‍රකාශ කරන බව ද කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...