යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සගවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වලදමා තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නෙල්ලියඩි තුන්නාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ 5 ක් වලදමා තිබියදී පසුගිය (25) දින සොයාගෙන ඇති අතර පසුව ලැබුනු තොරතුරකට අනුව ඊයේ දින කයිට්ස් ප්‍රදේශයන්හි කැලෑවක වලදමා තිබූ මෝටාර් උණ්ඩ 6 ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.
යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව අදාල මෝටාර් උණ්ඩ නිශ්ක්‍රීය කිරීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...