පුරවැසි කොලම

කෘෂිකර්මාන්තය වනසන එහෙත් අපි නොදන්න මතුපිටට නොපෙනෙන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා . ඒකයි අපි හදුනාගත යුත්තේ ඒ අනුව අප විසින් අලුත් ක්‍රමවේදයක් නිර්මාණය කල යුතුවෙනවා . ලෝකයේ අපි තමා කෘෂි ශිෂ්ඨාචාරයක් හා වාපි ශිෂ්ඨාචාරයක් ගොඩනැගුවේ. ඒ හුදෙක් කෘෂි නිෂ්පාදන ඵලදායිකත්වය ඉලක්ක කරගෙන. පළමුව රටේ පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාවය මනා ලෙස රැකගත්තා. ඒත් මේ සියල්ල සෘජුවම කෘෂිකර්ම ඇමති ඇතුලු සමස්ථ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය හා එහි නිලධාරීන් අපේ කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාවය අනතුරේ හෙලන ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නංවනවා. ඒකේ අතුරු කතාව වී වගා කරන කුඹුරු වල කෙසෙල් හා ගස්ලබු වගාව. අපේ රටේ කෙසෙල් හා පැපොල් අස්වැන්න ලෝක වෙලද පොලට කිට්ටු කරන්නවත් බෑ.

ලෝකේ බනානා ( BANANA REPABLIC ) රිපබ්ලිකන් තියෙනවා. කැරිබියන් දූපත් තමා කෙසෙල් වවන්නේ ලෝකයේ. ඉතින් මේ ඩෝලේ සමාගමට ඕන කැවෙන්දීස් හරහා අපේ සාම්ප්‍රදායික කෙසෙල් වර්ගයන් විනාශ කිරිමේ දුෂ්ඨ වැඩේ කරන්න. අපේ රටේ පමණක් ආවේණික ඒ වගේම බෝහෝ ගුණැති රසැති කෙසෙල් ප්‍රබේධ 65ක් තියෙනවා. දෙහිඅත්තකණ්ඩිය වගේ මහවැලි ජී කලාපය කේන්ද්‍ර කරගෙන මේ කැවෙන්දීස් වවන්න ප්‍රධානම හේතුව වැඩිම සාම්ප්‍රදායික කෙසෙල් ඇත්තේ ඒ ප්‍රදේශ වල නිසාවෙනි . මේක ලොකු කතාවක්. තව මේ වගේම තමා අපේ පේර ප්‍රබේධ කිලෝ පේර හරහා විනාශ කරෙත්. අපේ පුංචි ඇඹුල් පේර ගෙඩියක ඇති ගුණාත්මක භාවය කිලෝ පේර අවුන්ස 97.4 ක තියෙන්නේ . ඒ කියන්නේ ග්‍රෑම් 5–8 ඇබුල් පේර ගෙඩියක ගුණය සමානයි කිලෝ පේර කිලෝ ග්‍රෑම් 1.7 ක් වගේ. කොහොමද වෙනස. හිතාඅන්න බෑ නේද. ඊළගට කිලෝ පේර වල තැන්පත් වස ප්‍රමාණය .

මේ වගේම තමා අපේ ගොරක තක්කාලි වලටත් වුනේ. ගොරක එක තක්කාලි ගෙඩියක ගුණය ගන්න අර තක්කාලි ගෙඩි 80 ක් කන්න ඕනා. මේ තමා අපි නොදකින අපේ කෘෂිකර්මාන්තය . මේ පුංචිම පුංචි උදාහරණ දෙකක් පමණයි. මේ පොළොවේ පැලවෙන තණකොල ගහේ ඉදලා මහා රූස්ස ගස්කොළං වල බීජ හා ජාන අයිතියත් ජාත්‍යන්තර ලෙස අපට අහිමි වී අවසන්ව ඇත. අපි පක්ෂ දේශපාලනය වෙනුවෙන් ගහමරාගන්න ජාතික දේශපාලනය පයිසෙකටවත් මායිම් නොකරන මෘග ජාතියක් ලෙස ඉතිහාසයට එකතු වේවි. ලෝකයේ ප්‍රබලම ශිෂ්ඨාචාර දෙක වූ චීනය හා ශ්‍රී ලංකාව යන දෙරටේ අද හා හෙට දවස ගැන හිතන්න . අපි අපි විසින් මරණය සහතිකය ලියා මුද්‍රණය කර අත්සන් තබා අපි විසින්ම බෙදාහරින ලොව සුවිශේෂී පුරවැසි කොට්ඨාසයක් නේද.? අපි අලුතින් හිතන්න ඕන යුගය ඇවිත් කියා මට සිතේ.ඒ සදහා අපි ආපහු නූතන තාක්ෂණික මෙවලම්ද කරතබාගෙන අපේ මුතුන් මිත්තන් ගිය මග ඔස්සේ යා යුතුයි කියා සිතේ. ඇමෙරිකානු කෘෂිකර්මාන්තය වසර 200.ක් අපේ වසර 3000ටත් එහා. ඒත් අපි අද ඉන්න තැන . අපේ රටේ අපේම ගස් කොළං වල ජාන විකුණන කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයක් තියෙන්නේ. තව බොහෝයි.

අපි කියන්නේ නෑ තාක්ෂණය භාවිතාව එපා කියා. ඒත් නවෝත්පාදන කෘෂිකර්මාන්තයක් අවැසියි ආහාර සුරක්ෂිතතාවය සුරකින.. අපේ රටේ වට්ටක්ක ගෙඩියක් සතියක් කල් තියාගන්න බැරි ක්‍රමයක් තියෙන්නේ ඒ අපේ නොහැකියාව නොවේ අපි විහින් අපි නසාගන්න යාන්ත්‍රණය ක් බිහිවෙලා ඒකයි. ආර්.එල් . බ්‍රෝහියර් ඔහු විසින් රචිත SEEING CEYLON කෘතියේ කියනවා..” පොළොව සහ දේශගුණය සමග ඔවුන්ගේ නිරන්තර ගැටුම ජයගත හැකි වූයේ රජ දරුවන්ගේ නිර්ලෝභී ආධාරය , අනුබලය හා උපකාරය යටතේ පැරැන්ණන් දක්වන ලද ක්‍රියා කෞෂල්‍යය හා කැපකිරිම නිසාවෙනි ” කියා මේ රට ලොව ප්‍රබල වූයේ කියාත් ඒ නිසාම ලෝකයේ අන් රටවලට වඩා මහත්සේ මේ රටට අපි ඇලුම් කරන්නෙමු.ඔන්න බ්‍රෝහියර් දුටු අපි නොදකින අපේ මග.
–රජරට අනුරාධ —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More