දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වෙන රොහාන් දලුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 77 වැනි වියෙ පසුවූයේය.

1941 වසරේදී අම්බලන්ගොඩදී උපත ලබා ඇති රොහාල් දලුවත්ත මහතා ධර්මපාල විද්‍යාලයෙන් හා ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. ක්‍රීඩාවටත් දක්ෂතා දැක්වූ ඔහු බැඩ්මින්ටන්, ටෙනිස් හා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නෙකු වශයෙන්ද කටයුතු කටයුතු කර තිබේ.

1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්ව ඇති ඒ මහතා 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස පත්විය. 1998 වසරේදී ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගත්තේය.

සිය යුද හමුදා දිවිය තුළ භාරදූර වගකීම් රාශියක් දරා ඇති රොහාන් දළුවත්ත මහතා රිවිරැස මෙහෙයුමටද නායකත්වය ලබාදී ඇත.

වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා පදක්කම හා උත්තම සේවා පදක්කමින් ඔහු පිදුම් ලබා ඇත.

හමුදා දිවයෙන් පසුව ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More