හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අගමැතිකම බාර ගැනීමට සඳහා වුවමනාවෙන් ප්‍රතිචාරයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැක්විය යුතු බවත් ඒ මඟින් ආණ්ඩුව වෙනස්විය හැකි බවත් ඒ තුළින් ඉදිරි අවුරුදු එක හාමාර තුළ දී ආණ්ඩුවෙන් රටට විය හැකි හානිය අවම කර ගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මේ අතර පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුව තුළදී පරාජය වීම තුළින් ආණ්ඩුව ආර්බුදයෙන් අර්බුදයකට ගමන් කරන බව ඊයේ (27) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...