දේශීය පුවත්

පසුගියදා හිටපු එල්ටීටීඊ සාමාජිකයින් විසින් මාධ්‍ය හමුවක් අමතමින් කළ බරපතල චෝදනාව පිළිබද පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව ‍ආණ්ඩුවට බල කර සිටියි. අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත්ද අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ‘‘ අපි ලබා සිටියා දවස් 10ක් තිස්සේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් එල්ල කළ බරපතල චෝදනා පිළිබඳ ආණ්ඩුව යම් විමර්ශනයක් කරලා මහ ජනතාවගේ සිත් තුළ ඇතිවන සැක බිය අවිශ්වාසය නැති කරාවි කියලා. එහෙත් එසේ වූයේ නැත. රිෂාඩ් බදුර්දීන් සහ හිස්බුල්ලා ඇමතිවරුන්ට එල්ල කළ චෝදනා ඉතා බරපතළයි. හිටපු ත්‍රස්තවාදීන්ගේ ආයුධ 5000ක් මිලදී ගත්තා කියන චෝදනාව රටේ නීතියට අනුව පමණක් නොව ජාතික ආරක්ෂාවට සහ සමගියට අදාළව ඉතා බරපතළයි.

එම චෝදනා විභාගකොට සත්‍ය රටට කීම මගින් වරදක් කොට නැත්නම් අදාල මැති ඇමතිවරුන්ට එම චෝදනාවලින් නිදහස් වීමට හැකි වෙනවා පමණක් නොව රටේ ජනතාවට සත්‍යය දැනගැනීමටද හැකිවෙනවා. තිබෙන සහය සැකසීම සැමවිටම සැකයට බියට සහ අවිශ්වාසයට හේතු වෙනවා. එමනිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා වහාම පරීක්ෂණයක් පවත්වා ආයුධ 5000 චෝදනාව පිළිබඳ සත්‍ය රටට හෙළිදරව් කරන්න කියලා“

මෙම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, මොහාන් සමරනායක යන මහත්වරැන්ද සහභාගී වී සිටියහ.

රිෂාඞ් සහ හිස්බුල්ලා ලග තියනවා යැයි කියන ආයුධ 5000 ගැන පරීක්ෂන නැත්තේ ඇයි ?

පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයින් කරන රිෂාඩ්ගේ සහ හිස්බුල්ලාගේ ලග තියනවා යැයි කියන ආයුද 5000 ගැන පරීක්ෂණ නැත්තේ ඇයි?වෛද්‍ය වසන්ත බණ්ඩාර

Gepostet von Lanka Lead News am Dienstag, 28. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More