පුරවැසි කොලම

දෙමාපියන් විදිහට අපි මේ වේලාවේ දරුවන්ව බේරා ගන්න ඕනැ, කාගෙන්ද දන්නවාද? ළමා මානසිකත්වය තියෙන මහල්ලන්ගෙන්.

කොහොමද ඔබ ඔවුන් හඳුනාගන්නේ.ඔය හුඟක් දෙනෙක් කොන්ඩේ වවලා තියෙන්නේ.සමහරු පිරිමි කරාබුවක් එහෙම දමලා ඔවුන් කතා කරන්නේ අමුතු දේවල්.

මතක තියාගන්න මේ අය හැම තිස්සේම හාවිතා කරන වචනය තමයි අපි මාර රැඩිකල් කියන එක.මම උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මෙහෙම.අපි අර මුලින් කතා කරපු කේක් ගෙඩිය ගැන කවියක් ලියන්න කියලා. මේ උදවියට කිව්වොත් කොහොමද දන්නවාද ලියන්නේ?

පුරුෂ ලිඟුවන් ඇති පිරිමියෙක්
අතින් ගෙන බටර් කේක්
සුලගිල්ලෙන් තවරයි
අයිසින්

ඒ සමාජය මේවට කියන්නේ මාරම මාර රැඩිකල් කියලා.කේක් නෙවි මේ උදවිය මුකුණුවැන්න ගැන ලිව්වත් ඒක ඇතුලෙත් තියෙන්නේ ලිංගිකත්වය. ඔවුන් ඔය කවියට මාතෘකාවකුත් දමනවා.ඔවුන් සිතනවා රැඩිකල් අපි සමස්තමය හෙල්ලුවා කියලා. ඒට පස්සේ මම අර කියපු කේක් ගෙඩිය ගැන තව කවි ලියනවා.ඒකට මෙලෝ මනුස්සයකුට තේරෙන්නේ නැති මාතෘකාවකුත් දමනවා.

කේක් සමරිසි

පුරුෂ ලිංගයක් නැති
මිනිසෙකුට
මොකටද?
අයිසිං

අන්තිමට පොතකුත් ගහනවා.ඒ පොත ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා මිනිස්සු සල්ලි දීලා කියවනවා.පාඨකයෝ විදිහට අපි හැමෝම රැවටෙනවා.අර කුණුහරුප පොතක් පිරෙන්න ලියපු එකා ආර්ථික වශයෙන් ගොඩයනවා.

ඔය රැඩිකල් කමෙන් ඇති වැඩක් නෑ.ඔවුන් අපිට කියනවා අපේ දරුවන්ට කියා දෙන්නලු යුද්ධයට වීරත්වයක් නෑ කියලා.එතකොට තමන්ගේ දරුවා යුද්ධයට ගිහින් මැරුණ අම්මටත් අපි ගිහින් කියලා දෙන්න ඕනැද? අම්මේ යුද්ධයකට වීරත්වයක් නෑ කියලා.මතක තියා ගන්න තවම යුද්ධය ඉවර වෙලා අවුරුදු 9යි. අවුරුදු 20ක් විතර ගියාට පස්සේ මොනවායින් මොනවා වෙයිද?

අපි මාර රැඩිකල් කියන පිරිස ගහන්නේ මේ සමාජයේ හර පද්ධතියට. ඔවුන් කඩා දමන්න කියන්නේ සංස්කෘතික බැරියර් එක. මතක තියා ගන්න ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඉස්සරහට කියාවි “මොකටද බාත්‍ රූම් එකේ දොර වහගෙන නාන්නේ හැමෝටම තියෙන්නේ එකම නිරුවත” කියලා.

ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවේ. අපි මාර රැඩිකල් කියන පිරිස ලංකාවේ බුදු දහමට ගහන ගැහිල්ල ගැන.මේ විනාශ කරන්න හදන්නේ සංස්කෘතික අඩිතාලම. ඔවුන් ප්‍රශ්න කරනවා ඇයි අපි නිර්ආගමික නොවන්නේ කියලා.ඇත්තටම අපි බලෙන් නිර්ආගමික වෙන්න ඕනැද? ආණ්ඩුක්‍රම ව්‍යාවථාවෙන් නිර්ආගමික වෙන්න ඕනැද?

මේ මොහොතේ මම, මම ගැනම හිතනවා.මට කවදාවත් අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ බලපෑම් කරලා නැහැ “නිර්මල ඇයි ගිය පාර පෝයට සිල් ගන්න ආවේ නැත්තේ ” කියලා. මතක තියා ගන්න ගමේ පන්සල හැම වේලාවේම අපිත් එක්ක හිටියා. හාමුදුරුවරු අපිට කිසිම වේලාවක බලපෑම් කරලා නැහැ. අඩුම තරමේ දානේ වේලක් දෙන්න කියලාවත්.

ඉතිං අපි මොකටද නිර්ආගමික වෙන්නේ?
මම නම් සිතන්නේ දරුවෙකුට කියලා දෙන්න ඕනිදේ තමයි බුදු දහමේ දර්ශනය. ඒ තුල ජීවිතය හැඩ ගහගන්න විදිහ.මේ දේ මේ පොළව මත වෙන්නේ නෑ.පන්සල් වල සමහර හාමුදුරුවරු ගන ගිහියන් විදිහට විවේචන අපිට තියෙන්න පුළුවන්. හාමුදුරුවන්ටත් ගිහි අපි ගැන විවේචන තියෙන්න පුළුවන්. හැබැයි එහෙම විවේචන තිබ්බ පලියට මේ සංස්කෘත පැවැත්ම විනාශ කරලා දමන්න බැහැ.

අපි මාර රැඩිකල් කියන උදවිය විවේචන කරන ප්‍රධාන ක්ෂේත්‍ර 2යි තියෙන්නේ.

අංක 1 – ලිංගිකත්වය
අංක 2 – බුදු දහම

ඇත්තටම මේ මොහොතේ ලංකාවේ තියන ලොකුම ප්‍රශ්න දෙක ඕකද? එංගලන්තයේ වගේම ප්‍රංශයේත් ආගම ආණ්ඩුවෙන් වෙන් විය යුතුය කියන මතවාදය ගොඩ නැගෙන්න හේතු වුනේ පල්ලියේ බලපෑම්. අද මොන පන්සලද බලපෑම් කරන්නේ ආණ්ඩුවට මේ දේ කරන්න කියලා. නිකමට හිතලා බලන්න අඩුම තරමේ රතන හාමුදුරුවන්ටත් පුළුවන් වුනාද ග්ලයිෆොසෙට්වත් තහනම් කරන්න. බැරි වුනානේ.

රැව්ල්,කොන්ඩේ වවාගෙන කනට, නහයට දමා ගෙන මුළු ජීවිත කාලයම රස්තියාදු ගහපු අය කියනව අපටත් රස්තියාදු ගහන්න කියලා.

රැඩිකල් යයි කියාගන්න අය මොකක්ද කරන්න හදන්නේ. මේක ව්‍යාපාරයක්. අද නෙවෙයි. තව අවුරුදු දහය පහලවකින් ප්‍රතිඵල ලැබෙන ව්‍යාපාරයක්.ඔවුන් දිගින් දිගටම ගහනවා බුදු දහමට. වැඩිහිටි අපි රැකිලා ඉන්නේ බුදු දහමේ දර්ශනය නිසා. ඒ වැඩිහිටි අපි. එතකොට අපේ දරුවෝ දරුවන්ගේ දරුවෝ?

මතක තියාගන්න වැලක් යන පැත්ත වෙනස් කරන්න මිනිස්සු නවන්නේ දළු. රටක අනාගතය තියෙන්නේ දරුවොත් එක්ක.රස්තියාදුවේ යන මේ අය කරන්න හදන්නේ අන්න අර දරුවොත් රස්තියාදුවට ඇදලා දමන්න.
මතක තියාගන්න අමාරුම වැඩේ තමයි පොළව හදන එක.ඒ හින්දා වපුරන්න කලින් පොළව හදන්න

nirmala kothalawala



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More