පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කළේය.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරු කුණු ලංකාවට ගෙන ඒමේ උත්සාහයක් තිබෙන බවට අපි හෙලි කළාම ආණ්ඩුව අපට දුන්නේ අපූරු උත්තරයක්. “පකිස්තානය සමග අත්සන් කළ ගිවිසුම අනුවත් ලංකාවට කුණු ගේන්න පුළුවන්. ඒත් ගෙනාවා ද?“. නමුත් පකිස්තානය සහ සිංගප්පූරුව කියන්නේ අහසට පොලොව වගේ වෙනස් රටවල් දෙකක්. ලංකාවේ ජනගහන ඝණත්වය වර්ග කිලෝ මීටරයකට මිනිස්සු 342ක් වන විට පකිස්තානයේ ජනගහන ඝණත්වය මිනිසුන් 257යි. නමුත් සිංගප්පූරුවේ මිනිසුන් 8,188යි. ඒ තමයි ලොව තෙවන ඉහළම ජනගහන ඝනත්වය. ඒ කියන්නේ පකිස්තානයේ ලංකාවට වඩා හිස් ඉඩම් තිබුණත් සිංගප්පූරුවේ හිස් ඉඩම් නැත්තටම නැති ගාණයි.
අනිත් පැත්තට ලංකාවේ කම්කරුවෙකුට දවසකට රුපියල් 1,200ක් ගෙවන විට පකිස්තානයේ ගෙවන්නේ රු400යි. නමුත් සිංගප්පූරුවේ රු 5,000ක් වෙනවා. ඒ අනුව කසල බැහැර කිරීමට තිබෙන ඉඩම් බැලුවත් එයට යන වියදම බැලුවත් ලංකාවට කුණු එවීමට පකිස්තානයට හේතුවක් නෑ. නමුත් ඉහළ ශ්‍රම වියදමෙන් සහ ඉඩම් හිඟයෙන් පීඩා විඳින සිංගප්පූරුවට නම් මේ අවශ්‍යතාවය තදින්ම තිබෙනවා.
සිංගප්පූරුව තම කසල වලින් විශාල ප්‍රමාණයක් යවන්නේ චීනයට. දිගු කළක් තිස්සේ චීනයට විදේශීය කසල ගෙන නොආ යුතුයි කියන සංවාදය තිබුණා. 2018 ජූලි 1දා චීනය තව දුරටත් විදේශීය කසල ආනයනය කරන්නේ නෑ කියලා තීරණය කළා. මේ වන විට වියට්නාමය සහ තායිලන්තය කුණු ආනයනය තහනම් කර තිබෙනවා. මැලේසියාවත් ළඟදී ම කසල ආනයනය තහනම් කිරීමේ සූදානමක් තිබෙනවා. ලංකාවට වඩා ඕනෑ තරම් හිස් ඉඩම් තිබුණත් අනුන්ගේ කුණු තමන්ගේ රටට ගෙනැවිත් නැති ප්‍රශ්න හදා ගත් නිසා තමයි මේ රටවල් කුණු ආනයනය තහනම් කරන්නේ. ඒ අතරේ දැනටමත් කසල කළමනාකරණය නිසි ලෙස කර ගන්න බැරිව කුණු කඳු පෙරලිලා මිනිසුන් මැරෙන අපේ රටට අනුන්ගේ කුණුත් ගෙන ඒම තරම් විකාරයක් තවත් නෑ.
මේ රටවල් කුණු ආනයනය කිරීම තහනම් කිරීමෙන් අර්බූදයට තල්ලු වන එකම රට සිංගප්පූරුව නොවේ. ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් ගණනාවක කුණු කඳු බිහි වීමේ තර්ජනයක් මතු වී තිබෙනවා. ඒ නිසා මේ කුණුත් ටොන් මිලියන ගණනින් සිංගප්පූරුව හරහා ලංකාවට පැමිණීමේ අවදානමක් තිබෙනවා.
සිංග්ප්පූරුව තව හොඳයි. කුණු එවන්නේ ගිවිසුමක් අත්සන් කරලා. ඉන්දියාව දැන් සායනික අපද්‍රව්‍ය මුහුදේ පා කර ලංකාවට එවන්නේ කිසිම ගිවිසුමක් නැතුවයි. මේක 1992 දී අත්සන් කළ බසෙල් සම්මුතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. මේ පිළිබඳ අපි බසෙල් සම්මුති ලේකම් කාර්යාලයට පැමිණිලි කළා ද? නෑ. අඩුම ගණනේ ඉන්දියානු ආණ්ඩුවට පැමිණිලි කළා ද? නෑ. සිංගප්පූරුව සායනික කසල විද්‍යුත් කසල විතරක් නොවේ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය එව්වත් අපි නිහඬ නිවටව භාර ගන්නවා මිස වෙන මුකුත් වෙන්නේ නෑ. ආණ්ඩුව කියන ආකාරයට පිටරට කුණු ලංකාවට ගේන්නේ නැති නම් වහාම කළ යුත්තේ නිදහස් භාණ්ඩ ලැයිස්තුවෙන් සියළුම කසල වර්ග ඉවත් කිරීමයි.
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...