දුම්රිය වර්ජනයකදී යුදහමුදාව යොදවා දුම්රිය ධාවනය කිරීමට රජයේ අදහස් තිබෙන බවත් ඊට රජය මේවන විට සූදානම් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවෙ මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
දුම්රිය, ලංගම සහ වරාය වර්ජන වලදී මීට පෙර රජයන්ද යුද හමුදාව යොදවා කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ මෙහෙයුම් මැදිරි කළමනාකරුවන් පුහුණුකිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාළ කේෂ්ත්‍ර තුන සඳහා 20 දෙනා බැගින් 60 දෙනෙකු පුහුණුකිරීම සඳහා මෙලෙස අවසර ඉල්ලා ඇත.
හමුදාවේ හදිසි අවශ්‍යතා සැළසුම් යටතේ මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් මීට මාස 3 කට පමණ ඉහතදී මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් වාර්තා වේ.
නමුත් මේවන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊට ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.
-asianmirror
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...