ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන “ජන බලය” විරෝධතාවට විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් සහභාගි වුවහොත් ඒ ගැන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගන්නා බව එම පක්‍ෂයේ ජේයෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (29දා) පැවැසීය.
මෙතෙක් කිසිදු මන්ත්‍රිවරයකු ඊට සහභාගි වන බවක් දැනුම් දී නොමැති බව ද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේ යම් ලෙසකින් එම මන්ත්‍රිවරුන් ඒකාබද්ධයේ විරෝධතාවට සහභාගි වුවහොත් පක්‍ෂය විසින් යම් තීන්දුවක් ගන්නවාද යන්නයි.
“ගියොත් ඒක බලාගමු. එහෙම ගියොත් පක්‍ෂය විසින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. තවම කිසිවෙක් එහෙම දැනුම් දීමක් කරලා නෑ. දැන්ම ඒ ගැන මොකුත් කියන්න බෑ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...