දේශීය පුවත්

කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි සොයාගත් කාන්තා මළ සිරුර ඊයේ (29) සවස මියගිය කාන්තාවගේ ඥාතීන් විසින්හඳුනාගෙන තිබේ.

මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නැමැති කාන්තාවක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව මියගිය කාන්තාවගේ පියා හා සහෝදරයා විසින් හඳුනාගත් බව කලිනොච්චිය පොලීසිය පවසයි.

—————————————————-
කිලිනොච්චිය කුඹුරකින් කාන්තා මළ සිරැරක් හමුවෙයි

කිලිනොච්චිය,පණ්ණකඩ්ඩි ප්‍රෙද්ශයේ කුඹුරු යායක තිබි තරුණියකගේ මළ සිරුරක් (29) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කුඹුරු යායක ඇළ මාර්ගයක තිබි මළ සිරුර සොයාගත් අතර,මළ සිරුර අසළ තිබි යතුරුපැදි යතුරක්,පාවහන් ඇතුළු කොටස් කිහිපයක් හමුවි ඇති බවද පොලිසිය සදහන් කළේය.

පොලිසිය මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය කොටගෙන ඇති අතර, මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළ සිරුර දැක ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මළ සිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More