දේශීය පුවත්

තමන් සමග රූපවාහිනී නාලිකාවක විවාදයකට එන ලෙස විමල් වීරවංශ මහතා පසුගිය දිනවල නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත අභියෝගයක් සිදු කළේය.

එයට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ තමන් අභියෝගය භාර ගන්නා බවත්, තමන් විසින් ඉදි කරන ලද උදාගම්මානයක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ මෙම විවාදය පැවැත්වීමට තමන් සූදානම් බවත්ය.

අද එම අභියෝගයට විමල් වීරවංශ මහතා විසින් සජිත් ප්‍රෙමදාස මහතා වෙත පිළිතුරු ලිපියක් යොමුකර ඇත. එම ලිපිය පහතින් පළවේ.

සජිත් ප්‍රේමදාස මහතා,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

ප්‍රසිද්ධ විවාදයක් සඳහා කළ අභියෝගය භාරගැනීම පිළිබඳව ය

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මා විසින් ඔබ වෙත කරන ලද අභියෝගයට ප්‍රමාද වී හෝ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමි.

එනමුත් පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් ඔබ ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා බවත් ඒ සඳහා ඔබ විසින් ඉදි කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙස ය. එය පිළිගත හැක්කක් නොවේ. නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන කාටත් වැටහෙන්නකි.

එබැවින් මා ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවට යළිත් යෝජනා කරමි. ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් මා සමඟ එකඟතාව පළකර ඇත.

එහිදී ඔබගේත්, ඔබගේ පියාණන්ගේත් මාගෙත් දේශපාලන භාවිතය පිළිබඳව රට හමුවේ ගැඹුරින් සිහිපත් කිරීමේ අවස්ථාව උදා වනු ඇත. ඒ සඳහා කඩිනමින් අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More