ශ්‍රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිදු කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (30) පස්වරුවේ සිදු වූ අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී ජනාධිපතිවරයා සමග සුහද කථා බහකට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළැඹෙන සැප්තැම්බර් 03 වනදාට යෙදෙන ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළේ මෙම මිත්‍රශීලි හමුව ඉතා අගය කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...