දේශීය පුවත්

මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන පසුගිය දිනවල මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.

අපේ ඉඩම් හා අපේ උරුමයට අත නොතබනු , උතුරට මහවැලිය එපා, දෙමළ ජනාවාස තුළ සිංහල ඉදිකිරීම තවත් ජනසංහාරයක් බවට සටන්පාඨ හා පුවරු රැගෙන විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාවයට සහය දක්වමින් මුලතිව් නගරයේ සියලූ කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබිණි.

මුලතිව් නගරයේ මධ්‍යයේ සිට විරෝධතාවය දක්වමින් පාගමනක් ද ආරම්භ කළ අතර පසුව මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ක‍්‍රීඩාංගනයට රැස්ව විරෝධතාකරුවන් ජන හමුවක් පවත්වමින් දෙමළ දේශපාලන නායකයින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ විරෝධතාවය පළ කර සිටියහ.

එහෙත් මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව අප සමග පවසා සිටියේ 1937 වර්ෂයේ දී ආරම්භ කරන ලද උතුරු පළාතට අයත් මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදු බඩ පත්තු ප්‍රදේශයේ මොන්තුමරළු ධීවර ජනතාව ලෙස එවක සිට සිංහල ජනතාව පදිංචිව සිටිය බවත්, පසුගිය යුද සමයේදීත් මෙම ප්‍රදේශය අතහැර නොගිය බවත් පසුගිය දිනවල මාධ්‍ය හරහා ප්‍රකාශ වුණ මුලතිව්වල සිංහල ජනතාව පදිංචි කරනවා යන ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්ය

එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආර්.පී. රංජිත් විජේ මහතා අප සමග වැඩිදුරටත් පවසා සිටියේ ‘’අපි පදිංචි කරන්න දෙයක් නැහැ. අපි පදිංචි වෙලයි ඉන්නේ. කිසිම රාජ්‍ය ආයතනයකින් වත් අපිට කියලා බලපත්‍රයක් දීලා නැහැ. මේ ප්‍රදේශය අයත් වන්නේ මහවැලි ‘එල්” කලාපයටයි. අපි ඉල්ලා සිටින්නේ මේ මාධ්‍ය හරහා යන අසත්‍ය ප්‍රචාර නවත්වා දමලා අපේ ප්‍රශ්න වලට විසදුමක් දිය යුතු යි යන්නයි. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ කෝකිලායි ගම්මානයේ සිට නයාරු කලපුව දක්වා මේ භූමි භාගය මහවැලි කලාපයක් වශයෙන් සංවර්ධනය කරන්න කියලා.

අපි අලුතින් පදිංචි කරන්න දෙයක් නැහැ මේ අපේ වාස භූමි

අපි අලුතින් පදිංචි කරන්න දෙයක් නැහැ මේ අපේ වාස භූමි – කෝකිලායි, නයාරු ප්‍රදේශයේ පදිංචි සිංහල ජනතාව කියති.

Gepostet von Lanka Lead News am Donnerstag, 30. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More