වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබු රැඳවියන් විසි දෙදෙනෙකුට වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇති බව වාර්තා වෙයි.
මෙලෙස වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇත්තේ මියගිය හා තුවාල ලැබූ රැඳවියන්ගේ තොරතුරු ලබාගැනීමේ දී ඇති වු දුෂ්කරතා හේතුවෙන් බව දැනගන්නට ඇත.
අමාත්‍යංශය තීරණය කර තිබුණේ අදාළ සිද්ධියෙන් මියගිය එක් රැඳවියෙකු සඳහා රුපියල් ලක්ෂ 20ක මුදල් වන්දි සහ තුවාල ලැබු එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවීමටය.
ඒ අනුව මියගිය රැඳවියන් දස දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 200ක මුදලක් ඊයේ දිනයේ දී ඔවුන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කර තිබේ.
මීට අමතරව තුවාල ලැබු රැඳවියන් පස් දෙනෙකු සඳහා රුපියල් දෙලක්ෂ පනස් දාහක වන්දි මුදලක් ද ප්‍රදානය කර ඇත.
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාර සිද්ධියනේ මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් රුපියල් මිලියන 22.5ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...