අසූචි වළක් බව කියන මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඉවත්වන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
අද (31) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු ම්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත්වීරසේකර මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා ‘‘ මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් බව කියමින් ඇමරිකාව තම සාමාජිකත්වය ඉවත් කර ගත්තා නම්; OISL වාර්තාවෙන් යුද හමුදාවට එල්ල කළ යුද අපරාධ චෝදනා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ වාර්තාව මගින් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කොට තිබේ නම්; එංගලන්තයේ නේස්බි ස්වාමිවරයා වැනි ලොව පිළිගත් පුද්ගලයකුයින් විසින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ නොකළ බවට ලේඛන ඉදිරිපත් කරනවා නම්; ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්පත් කළ එම යෝජනාව ඉවත් කරගත යුතු බවට නේස්බි ස්වාමිවරයා මහාබ්‍රිතානයයෙන් සහ ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියා නම්; අමාත්‍ය මණ්ඩලයේ අවසරය ලබා ගැනීමෙන් තොරව මංගල සමරවීර ඇමතිවරයා විසින් හිතුවක්කාර ලෙස සමදායකත්වය ලබාදුන් 30/1යෝජනාව තවදුරටත් පිළිගන්නේ කුමකට ද? වහාම එම යෝජනාවට ලබාදුන් සමදායකත්වය හෙවත් එකඟතාවයෙන් ඉවත් වන්න.”
මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම් යසස් ධර්මසේන, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු ක්‍රියාකාරිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.
අසූචි වළක් බව කියන මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඉවත්වන්න…!
අසූචි වළක් බව කියන මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඉවත්වන්න…! රියර් අද්මිරාල් සරත් වීරසේකර ජනපතිගෙන් ඉල්ලයි
Gepostet von Lanka Lead News am Freitag, 31. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කෝ වීඩියෝව………….???