දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටඨභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාව ජාතියක් ලෙස ඓතිහාසිකව සමාජයීය දේශපාලනික සහ ආර්ථික වශයෙන් මෙතරම් පහළට වැටුණු අවධියක් නොමැති බව ඔබත් මමත් පැහැදිළිව නිරීක්ෂණය කර ඇත්තෙමු. පසුගිය කාලය තුළ අපි මේ තත්ත්වය වටහාගෙන මෙය නිවැරදි කරගැනීමේ ක්‍රියාමාර්ගයක් අපේක්ෂාවෙන් විවිධ අයුරින් සංවිධානගත වීමට උත්සුක වූයෙමු. ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව විශාල වෘත්තිකයන් සහ බුද්ධිමතුන් පිරිසක් අප සමග එක්විය.

කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ දේශපාලන කටයුතු වලට එක්වීමෙන් වැළකි සිටීමේ ප්‍රතිපත්තියක් අප අනුගමනය කළ බව රහසක් නොවේ. විශේෂයෙන්ම වෘත්තියවේදීන් සහ බුද්ධිමතුන් සමස්තයක් ලෙස ප්‍රපාතයට ඇද වැටී ඇති ලංකාවේ දේශපාලනය සමග ගනුදෙනු නොකළ යුතුය යන ජනප්‍රිය මතයක සිටින නිසා ඔබ ඇතුළු බොහෝදෙනා මෙම ස්ථාවරය සම්බන්ධයෙන් නිහඩ අනුකුලතාවයක් දැක්වූ බවද නොරහසකි.

කෙසේනමුත් මෙම සංකල්පයෙන් ඔබ්බට ගොස්, වර්තමානයේ රටේ සිදුවෙමින් පවතින නැවත කිසිසේත් නිවැරදි කළ නොහැකි සහ දරාගත නොහැකි විනාශය අභිමුඛව අප සියලු දෙනාම පෙරට පැමිණිය යුතු දිනය උදාවී ඇතිබව මගේ විශ්වාසයයි.

විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රාජ්‍ය යාන්ත්‍රණය භාවිතාකරමින් අසාධාරණ සහ අත්තනෝමතික ලෙස දරුණු දේශපාලන මර්දනයකට යටත්කර තිබෙන බව සක්සුදක්සේ පැහැදිලිය.

විශේෂයෙන්ම ජනරජයක පැවැත්ම මුළුමනින්ම බිදවැටෙන අයුරින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සියල්ලම බිදදැමීමට රජය කටයුතු කරමින් සිටින අතර දින නියමයකින් තොරව මැතිවරණ කල්දැමීම මගින් ජනතාභිලාශයන් ඉටුකරගැනීමට ඇති එකම අවස්ථාවද අහුරා ඇත.

ජනතා අපේක්ෂාවන්ට එරෙහිව දිගින් දිගටම කෙරෙන්නාවූ ජාතික ආර්ථික මර්මස්ථාන බදුදීම මුවාවෙන් විදෙශිකයන්ට විකුණන අතරම කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික විශ්ලේෂණයකින් තොරව ‘නැවත ඉන් පිටතට පැමිණිය නොහැකි’ ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවටද නොදන්වා අත්සන් කර ඇත.

ඔබ දන්නා පරිදි, ආර්ථිකමය වශයෙන් උද්ධමනය, විදේශ ණය අනුපාතය, ගෙවුම් ශේෂය පරතරය, කොටස් වෙළදපොළ වටිනාකම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, විදේශ ආයෝජන ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සියලුම ආර්ථික දර්ශක ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පහත වැටී ඇත.

හුදෙක්ම පෞද්ගලික දේශපාලන ලාභ ප්‍රයෝජන උදෙසා රටේ සාමය සහ සංහිදියාව විනාශ වන ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමත් දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට රටට නිදහස ලබාදුන් රණවිරුවන් දඩයම් කිරීමත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම උදහසට ලක්වී ඇතිබව අපි සියලුදෙනාම දනිමු.

මේ අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙනයාමට ඉඩ දී රටේ අනාගතය විනාශවන අයුරු බලා සිටීමට වෘත්තිකයන් සහ බුද්ධිමතුන් ලෙස අපට තවදුරටත් හැකියාවක් නොමැත.

හොද මිනිසුන් නිහඩව සිටින විට නරක ඉබේම ජයගන්නා බව කියැවෙන පැරණි කියමන සිහි කරවමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශප්‍රේමී බලවේග එක්ව සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ දැවැන්ත ආණ්ඩු විරෝධී රැලියට සැප්තැම්බර් 5 වෙනිදා එක්වන ලෙස වෘත්තිකයන් සහ බුද්ධිමතුන් වන ඔබ සැමට ආරාධනා කරමි.

– ගෝඨාභය රාජපක්‍ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More