යුද සමයේ උතුරු පළාතේ සිදුවු යුද අපරාධ සම්බන්ධයෙන් හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ හෝ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවතින විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින යෝජනාවක් උතුරු පළාත් සභාවේදී ඊයේ (30) දෙමළ ජාතික සන්ධාන පළාත් සභා නියෝජිතයිගේ ඒකමතික කැමැත්ත මත සම්මත කරගනු ලැබීය.
උතුරු පළාත් සභා 130 සැසි වාරය යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේ පැවැත්වු අවස්ථාවේදී අදාළ යෝජනාව සම්මත කර ගැණිනි.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඉදිරිපත් කළ යෝජනාව වෙත පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඒකමතික කැමැත්ත පළකොට සහයෝගය දැක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...