පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුතින් බිම ඇතිරිල්ලක් මිලදී ගැනීමටත් යෝජනා ඉදිරිපත් වී ඇත.
පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට භාවිතා කෙරෙන්නේ පාර්ලිමේන්තුව ඉදි කෙරුණු අවස්ථාවේ එහි සවි කෙරුණු පුටු බවත් සමහර පුටු මේ වන විට බොහෝ සේ අබලන්වී ඒවායේ සුවපහසු බවද හීනවෙමින් පවතින බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයම පුළුල් නවීකරණයකට ලක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.එහි පළමු අදියර යටතේ පාර්ලිමේන්තුවේ වැසිකිළි පද්ධතිය නවීකරණය කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...