විදේශ පුවත්

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය හමුවේ එරට නිල නොලත් නායිකා අවුන් සාන් සුඛී ධුරයෙන් ඉවත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් අල් හුසේන් කුමරු පවසා තිබේ.

විශේෂයෙන්ම, ලෝකයේ මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් යැයි පවසමින් බොහෝ රටවල භෞමික අඛණ්ඩතාවට තර්ජන එල්ල කරන බවට චෝදනා නැගී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එහි වත්මන් ප්‍රධානියා මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම පුදුමයට කරුණක් නොවන බවද ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මියන්මාරයේ සිදුවූයේ යැයි කියන ජන සංහාරයක් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් උපුටා දක්වමින් මානව හිමිකම් ප්‍රධානියා මෙම අදහස් මතුකර තිබේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මියන්මාරය, ඔවුන් කිසිවිටෙකත් මානව හිමිකම් උල්ලංඝනය වීම් සඳහා අවස්ථාව ලබානොදුන් බව අවධාරණය කරයි.

මෙම වාර්තාව මගින් මියන්මාර හමුදා සිදුකළේ යැයි කියන ජන සංහාරය වැළැක්වීමට එහි නිල නොලත් නායිකා අවුන් සාන් සුඛී මැදිහත්වීමක් නොකර ඇති බවට අල් හුසේන් කුමරු ඇය වෙත චෝදනා එල්ල කර ඇත්තේ, මේ තත්ත්වය තුළ ඇය ධුරයෙන් ඉවත්විය යුතු බවද පවසමිනි.

මෙම රොහින්ග්‍යා අර්බුදය පිළිබඳ සැලකීමේදී පසුගිය වසරේදී මියන්මාරයේ රඛයිනේ ප්‍රාන්තය තුළ රොහින්ග්‍යා අන්තවාදීන් විසින් පොලිස් ස්ථාන ඉලක්ක කරමින් එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ මියන්මාර හමුදා එරට තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීම මූලික විය.

මෙම මෙහෙයුම අතරතුර රොහින්ග්‍යා විශාල පිරිසක් අසැල්වැසි බංග්ලාදේශයට පළාගිය අතර, මේ අවස්ථාවේදී ජන සංහාරයක් සිදුවූ බවට මියන්මාරය වෙත ඇඟිල්ල දිගුකිරීමට බටහිර හා මැදපෙරදිග බලවතුන් ක්‍රියාකළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මියන්මාරය අඩපණ කිරීමේ සැලසුමක්ද දියත්වී ඇති බව මියන්මාර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More