දේශීය පුවත්

රුපියල් කෝටි 175ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවමින් කිරිදෙනුන් මෙරටට ගෙන්වීමට රජය තීරණය කොට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වන ලද කිරි දෙනුන් හට මෙරට නොමැති රෝග දෙකක් වැළඳී තිබෙන බව ලන්ඩන් නුවර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වී තිබියදී තවත් කෝටි ගණනක් වියදම් කර මෙම තීරණය ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

මේ තුළින් මෙරටට විශාල අනතුරුදායක තත්වයක් උදාවී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම සංවිධානය විසින් ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු අනුව මෙය හෙළිදරව් කරන බව අද (31) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

දැනට මෙරටට ගෙන්වා ඇති කිරි දෙනුන්ගේ මලමුත්‍ර කොටස් පරීක්ෂාකිරීමේදී බරපතළ රෝග දෙකක් වන” බෝවින්වයිරල් ඩයරියා “සහ ෆැසියෝලා හෙපටිකා ඉන්ෆආස්ටේසන් “යන රෝග දෙක පවතින බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සිය සාමාජිකයන් හට ලිඛිතව ලබා දී ඇත්තේ එම විදේශ රටවලින් ගෙන්වා ඇති සතුන් පිළිබඳව කිසිදු රාජකාරියක නියැලීම වළකින ලෙස දැනුම්දී ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

එසේ රාජකාරි වලින් වැළකෙන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ එම සතුන්ට බෝවී තිබෙන වෛරස් රෝගය ක්ෂීරපායි සතුන් ඇතුළු මනුෂ්‍යයින්ට ද බෝ වීමේ දැඩි අවධානමක් පත්ව ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇති නිසා බවද හෙතෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

මෙසේ ගෙනවිත් ඇති රෝග බෝවී ඇති සතුන් හඳුනාගෙන එම සතුන් විනාස කළ යුතුයැයි වෛද්‍ය පර්යේෂණ නිලධාරීන් සඳහන් කොට තිබියදී තවදුරටත් රාජ්‍ය මුදල් මහජනතාවගේ මුදල් ඔස්ට්‍රේලියානු පෞද්ගලික සමාගමකට ලබාදී සිදුකරනු ලබන්නේ මහ බරපතළ අපරාධයක් බව ද නාමල් කරුණාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

සත්ව රෝග පණත අධ්‍යයනය කර බැලීමේදී සතුන්ට බෝවිය හැකි රෝග පිළිබඳව එහි සඳහන්ව තිබෙන බවත් එහෙත් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද මෙම සතුන්ට බෝවී ඇති රෝග දෙක එහි සඳහන්ව නොමැති බව අවධාරණය කළේ ය.

මෙම රෝග බෝවී ඇති සතුන්ගේ කොටස් ගොමවලින් ඇළ දොළ ගංගාවලට එක්ව විශේෂයෙන්ම එහි කිරි බොන මිනිසුන්ට පවා බරපතල සෞඛ්‍ය අවදානමක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට විශේෂ පරීක්ෂණයක් සිදුකොට මේ අපරාධය කල අයවලුන්ට දඩුවම් දෙන්නයි ඉල්ලාසිටියේය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More