මහ බැංකු සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි විභාගය යළි නොවැම්බර් 02 වැනිදා සිට ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.
පසුගිය ඔක්‌තෝබර් 17 වැනිදා කොමිසමේ සාක්‌ෂි විභාග කටයුතු අවසන් වූවා.
එහෙත් අත්‍යවශ්‍ය සාක්‌ෂි තිබුණහොත් ඒවා ඉදිරියේදී විභාග කරන බව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියා.
මේ අනුව තවත් සාක්‌ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් නොවැම්බර් 2 දා සිට සාක්‌ෂි විමසීමට ජනාධිපති බැඳුම්කර කොමිසම සැලසුම් කර ඇත.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසමට ලබා දී තිබූ සාක්‌ෂිකරුවන් 20 දෙනෙකුගේ ලැයිස්‌තුවෙන් මෙසේ සාක්‌ෂිකරුවන් කැඳවනු ඇතැයි වාර්තා වේ.
එහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නමද තිබෙන බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පසුගිය ඔක්‌තෝබර් 17 දා කොමිසමට පවසා තිබිණි.
කෙසේ වෙතත් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බවයි.
රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හීදී පරීක්ෂණ පැවැත්වීමට රජය සැම විටම ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...