දේශීය පුවත්

මීළඟ මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරිම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසකගේ සාකච්ඡාවකින් අනතුරුව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් වන ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙරාතුරව සිරගත කිරීම මොවුන්ගේ සැලැස්ම වී ඇත. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාව සිටිය දී ක්‍රියාත්මක කළ සුපසන් නිම්තෙර වැඩසටහන පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් අරඹා තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා මුදල් වැය කිරීම පිළිබඳ වාර්තාවක් එම කොමිෂන් සභාව විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් වහාම කැඳවා ඇත.

ඊට අමතරව උඩුගම්පොළ ප්‍රදේශයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව සහ මින්මැදුර සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රධාන ලේකම්වරයාට නියම කර තිබේ.

ඊට අමතරව රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, නාමල් රාජපක්ෂ යන

මන්ත්‍රීවරුන් විසින් පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ විවධ ව්‍යාපෘති පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සොයා බලමින් සිටී.

දැනටමත් මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විවිධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කෙරෙමින් පවතින අතර එම චෝදනා ඔප්පු කරගත නොහැකි වනු ඇතැයි යන සැකය මත අලූත් චෝදනා එල්ල කිරීම මෙහි අරමුණ වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More